දොළොස්මහේ පහන වැඩසටහනට සමගාමීව, ප්‍රාදේශීය සාහිත්‍යකරුවන් මුල්කොට ගනිමින් සාහිත්‍ය විචාර දේශන වැඩමුළුවක්, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පසුගියදා පැවැත්විණි. සාහිත්‍ය තරග සඳහා ඉදිරිපත් වන තරගකරුවන්ගේ නිර්මාණ තුළ ඇති අඩුපාඩු පෙන්වා දීම හා නිවැරදිව ලිවීම පිළිබඳව පූර්ණ දැනුමක් ලබා දීම තුළින් හොඳ නිර්මාණකරුවන් බිහි කිරීම හා සාර්ථක නිර්මාණ බිහි කිරීම මෙම වැඩසටහනේ අරමුණ විය. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කසුන් ඈපා සෙනවිරත්න, සහකාර ප්‍රාදේශීය ලේකම් එච්.එම්. විරාජ් යන මහත්ම මහත්මීන්ගේ මඟපෙන්වීම මත සංස්කෘතික සංවර්ධන නිලධාරී සුගන්ධිකා ගමආරච්චි මහත්මිය මෙම වැඩසටහන සංවිධානය කළ අතර, ඒ සඳහා හර්ෂණී පුෂ්පමාලා මහත්මිය සම්පත් දායකත්වය ලබා දී ඇත. වැලිකඩ නැඟෙනහිර වසම භාර නිලධාරි පුෂ්පා සමන්ජලී මෙනවිය, ගංගොඩවිල දකුණ වසම භාර නිලධාරී නිමාලි මහත්මිය, වනිතා සංවර්ධන නිලධාරිනී දිල්හානි ගෝමස් මහත්මිය, කොට්ඨාසයේ දහම් පාසල් හා කලායතන නියෝජනය කරමින් තරග ජයග්‍රහණය කළ දරුවන් හා විවෘත අංශයේ තරග ජයග්‍රහණය කළ තරගකරුවන් යන පිරිස් මේ අවස්ථාවට සහභාගී වූහ.