Saturday, April 19, 2025
Home » ජාතික තල­යෙන් ජය­ග්‍ර­හණ ලැබූ සබ­ර­ග­මුවේ ආබාධ සහිත වූවෝ ඇග­යෙති

ජාතික තල­යෙන් ජය­ග්‍ර­හණ ලැබූ සබ­ර­ග­මුවේ ආබාධ සහිත වූවෝ ඇග­යෙති

by Gayan Abeykoon
December 5, 2024 1:04 am 0 comment

කහ­වත්ත - ලසන්ත නිරෝ­ෂණ පෙරේරා

ජාතික මට්ට­මින් ජය­ග්‍ර­හ­ණය කළ සබ­ර­ග­මුව පළාතේ විශේෂ අව­ශ්‍යතා සහිත වූවන් (ආබා­ධිත පුද්ග­ල­යින්) ඇග­යීමේ වැඩ­ස­ට­හ­නක්, ඉකුත් 3 වැනිදා සබ­ර­ගමු පළාත් ආණ්ඩු­කාර චම්පා ජානකී රාජ­රත්න මහ­ත්මි­යගේ ප්‍රධා­න­ත්ව­යෙන් රත්න­පුර පිහිටි පළාත් සභා ශ්‍රව­ණා­ගා­රයේ දී පැවැ­ත්විණි. මෙම ඇග­යුම පළාත් සමාජ සේවා සහ පරි­වාස දෙපා­ර්ත­මේ­න්තුව සංවි­ධා­නය කර තිබිණි.

ඒ අනුව 2024 වර්ෂයේ දිය­ගම ක්‍රීඩාං­ග­ණයේ දී පැවති දුනු විදීමේ තර­ග­යෙහි වාර්තා­වක් පිහි­ටුවූ බී.ඒ. සඳ­රු­වන් පිය­වංශ, සබ­ර­ගමු පළාත් ආණ්ඩු­කාර චම්පා ජානකී රාජ­රත්න මහ­ත්මිය විසින් ඇග­යු­මට ලක් කර සහ­තික හා සම්මාන ප්‍රදා­නය කරනු ලැබීය. මීට අම­ත­රව ජාතික යොවුන් ගායන තර­ගයේ ප්‍රථම ස්ථානය දිනා­ගත් චමෝදි හංසනී සිල්වා සහ 2024 වර්ෂයේ විශේෂ ආබා­ධි­ත­යින්ගේ මලල ක්‍රීඩා උලෙළේ ප්‍රථම ස්ථානය දිනා­ගත් පාලිත රසික ගුණ­ව­ර්ධන ආණ්ඩු­කා­ර­ව­රි­යගේ ඇග­යු­මට පාත්‍ර විය. සබ­ර­ග­මුව පළාතේ සමාජ සේවා අමා­ත්‍යාං­ශයේ පාල­නය සහ අධී­ක්ෂ­ණය යටතේ විශේෂ අව­ශ්‍යතා සහිත වූවන් සඳහා මධ්‍ය­ස්ථාන 11ක් ක්‍රියා­ත්ම­කය. එම මධ්‍ය­ස්ථා­න­වල 500ක් පමණ නේවා­සි­කව සිටින අතර, රැක­ව­ර­ණය, ආහාර, වෛද්‍ය ආධාර, අධ්‍යා­ප­නය, වෘත්තීය පුහු­ණුව ආදිය නොමි­ලේම ලබා දේ. එම මධ්‍ය­ස්ථාන අතර, පැවති කාර්ය සාධන තර­ගා­ව­ලියේ ප්‍රථම ස්ථානය දිනූ නිසල සෙවණ, දෙවන ස්ථානය දිනූ ඕල­න්ද­වත්ත, තෙවන ස්ථානය දිනූ රොටුව මන්ද මාන­සික කාන්තා පුන­රු­ත්ථා­පන මධ්‍ය­ස්ථා­නය යන මධ්‍ය­ස්ථාන ද මෙහිදී ඇග­යු­මට ලක් විය. මෙම අව­ස්ථා­වට පළාත් රාජ්‍ය සේවා කොමි­සමේ ලේකම් ඊ.කේ. සුනීතා, පළාත් පරි­වාස හා සමාජ සේවා අමා­ත්‍යාංශ ලේකම් දිනීෂා රත්නා­යක, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් දිලිනි ධර්ම­දාස, රත්න­පුර අති­රේක දිසා­පති ගයානී අයි. කරු­ණා­රත්න, පළාත් සමාජ සේවා කොම­සා­රිස් ආර්.එම්.ඩී.එල්. රත්නා­යක, පළාත් සමාජ සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ කේ.එස්. හබ­රං­කඩ යන මහත්ම මහ­ත්මීන් ඇතුළු පිරි­සක් එක්ව සිටි­යහ. 2024 වර්ෂයේ දිය­ගම ක්‍රීඩාං­ග­ණයේ දී පැවති දුනු විදීමේ තර­ග­යෙහි වාර්තා­වක් පිහි­ටුවූ බී.ඒ. සඳ­රු­වන් පිය­වංශ, සබ­ර­ගමු පළාත් ආණ්ඩු­කාර චම්පා ජානකී රාජ­රත්න මහ­ත්මිය විසින් ඇග­යු­මට ලක්කර සහ­තික හා සම්මාන ප්‍රදා­නය කරනු ලැබූ අව­ස්ථාව මෙහි දැක්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT