කෑගල්ල සති පොළට අයාලේ යන ගවයන් ඇතුල් වී දිවා රාත්‍රියේ ලැඟුම් ගන්නා බැවින් වෙළෙන්ඳන්ට හා පාරිභෝගිකයන්ට මහත් කරදරයක් බවට පත්වී ඇති බව ඔවුහු පවසති.
වෙළෙන්ඳන් විසින් පෙර දින ගෙනෙන ලද එළවළු සුද්ද කර ඉවතලන කොටස් කා දමමින් නිතරම 10ක් 15ක් අතර ගව රංචුවක් දිනපතා මෙම පොළ භූමිය තුළ සැරි සරති.
කුණුවී ගඳ ගහන එළවළුවල සහ ගවයන් විසින් දමන මළ මූත්රවලින් හමන දුර්ගන්ධය නිසා වාතය අපවිත්‍ර වී ඇත. සමහර අවස්ථාවල පසුදිනට වෙළෙඳාම සඳහා තබා යන එළවළුද මෙම ගවයන් විසින් කා දමා ඇති බව වෙළෙන්දෝ පවසති.
මේ සම්බන්ධව නගර සභාවට, පොලීසියට හා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ටද පැමිණිලි ගණනාවක් ඉදිරිපත් කර ඇතත් කිසිම සහනයක් ලැබී නැතැයිද ඔවුහු පවසති. කෑගල්ල නගරයට ඇති එකම සතිපොළ වන මෙය නගර මධ්‍යයේ නිදහස් මාවත අසල පිහිටුවා ඇත. මෙම සතිපොළට කෑගල්ල නගරයේ පමණක් නොව අසල්වැසි ගම්වාසීන්ද එළවළු හා අනිකුත් භාණ්ඩ රැගෙන යාමට විශාල වශයෙන් පැමිණෙන බව කෑගල්ල නගර වැසියෝ පවසති.