Monday, April 21, 2025
Home » කෑගල්ල සතිපොළ හරක් බදු අරන්

කෑගල්ල සතිපොළ හරක් බදු අරන්

by Gayan Abeykoon
December 5, 2024 1:04 am 0 comment

කෑගල්ල දිස්ත්රික් සමූහ - දයා­රත්න බණ්ඩාර

කෑගල්ල සති පොළට අයාලේ යන ගව­යන් ඇතුල් වී දිවා රාත්‍රියේ ලැඟුම් ගන්නා බැවින් වෙළෙ­න්ඳන්ට හා පාරි­භෝ­ගි­ක­යන්ට මහත් කර­ද­ර­යක් බවට පත්වී ඇති බව ඔවුහු පව­සති.

වෙළෙ­න්ඳන් විසින් පෙර දින ගෙනෙන ලද එළ­වළු සුද්ද කර ඉව­ත­ලන කොටස් කා දම­මින් නිත­රම 10ක් 15ක් අතර ගව රංචු­වක් දින­පතා මෙම පොළ භූමිය තුළ සැරි සරති.

කුණුවී ගඳ ගහන එළ­ව­ළු­වල සහ ගව­යන් විසින් දමන මළ මූත්‍ර­ව­ලින් හමන දුර්ග­න්ධය නිසා වාතය අප­විත්‍ර වී ඇත. සම­හර අව­ස්ථා­වල පසු­දි­නට වෙළෙ­ඳාම සඳහා තබා යන එළ­ව­ළුද මෙම ගව­යන් විසින් කා දමා ඇති බව වෙළෙන්දෝ පව­සති.

මේ සම්බ­න්ධව නගර සභා­වට, පොලී­සි­යට හා මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂක නිල­ධා­රී­න්ටද පැමි­ණිලි ගණ­නා­වක් ඉදි­රි­පත් කර ඇතත් කිසිම සහ­න­යක් ලැබී නැතැ­යිද ඔවුහු පව­සති. කෑගල්ල නග­ර­යට ඇති එකම සති­පොළ වන මෙය නගර මධ්‍යයේ නිද­හස් මාවත අසල පිහි­ටුවා ඇත. මෙම සතිපොළට කෑගල්ල නග­රයේ පම­ණක් නොව අස­ල්වැසි ගම්වා­සීන්ද එළ­වළු හා අනි­කුත් භාණ්ඩ රැගෙන යාමට විශාල වශ­යෙන් පැමි­ණෙන බව කෑගල්ල නගර වැසියෝ පව­සති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT