Home » පල­තුරු රසය ගෝලීය වෙළෙ­ඳ­පො­ළට ගෙන යාමට මුලපුරයි

පල­තුරු රසය ගෝලීය වෙළෙ­ඳ­පො­ළට ගෙන යාමට මුලපුරයි

ආසි­යානු සංව­ර්ධන බැංකුවේ මහ­වැලි ජල සුර­ක්ෂි­තතා ආයෝ­ජන වැඩ­ස­ට­හන සංව­ර්ධ­න­ සහායට

by Gayan Abeykoon
December 5, 2024 1:03 am 0 comment

අමිල ප්රභාත් වන­සිංහ - අනු­රා­ධ­පුර අති­රේක

මහා පරි­මාණ පල­තුරු වගාව ප්‍රව­ර්ධ­නය කිරීම සහ වාරි­මාර්ග පද්ධති වැඩි­දි­යුණු කිරීම මඟින් ගොවීන්ට සෘජු­වම ප්‍රති­ලාභ ලබා­දී­මත්, වර්ධ­නය වන ගෝලීය ඉල්ලුම සපු­රා­ලීම සඳහා ශ්‍රී ලංකාවේ පල­තුරු ස්ථාන­ගත කිරීම ඉලක්ක කර ගත් විශේෂ වැඩ­ස­ට­හ­නක් පසු­ගි­යදා පැවැ­ත්විණි.

අනු­රා­ධ­පුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විම­ල­සූ­රිය මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් අනු­රා­ධ­පු­ර­යේදී මෙම වැඩ­ස­ට­හන පැවැ­ත්විණි. දිස්ත්‍රි­ක්කය පුරා විශාල පරි­මා­ණ­යෙන් අප­න­ය­නය ඉලක්ක කර­ගත් පල­තුරු භෝග වගා කිරීමේ හැකි­යාව මෙහිදී ගවේ­ෂ­ණය කළේය.

ආසි­යානු සංව­ර්ධන බැංකුවේ (ADB) මහ­වැලි ජල සුර­ක්ෂි­තතා ආයෝ­ජන වැඩ­ස­ට­හන (MWSIP) හරහා ශ්‍රී ලංකාවේ වාණිජ කෘෂි­කා­ර්මික සංව­ර්ධ­න­යට සහය දැක්වී­මට එක­ඟවී තිබේ. විශේ­ෂ­යෙන්ම අනු­රා­ධ­පුර දිස්ත්‍රි­ක්කයේ දැනට අඩු ඵල­දායී ඉඩ­ම්වල මහා පරි­මාණ පල­තුරු වගාව ප්‍රව­ර්ධ­නය කිරීම සහ වාරි­මාර්ග පද්ධති වැඩි­දි­යුණු කිරීම මඟින් ගොවීන්ට සෘජු­වම ප්‍රති­ලාභ ලබා­දීම මෙම වැඩ­ස­ට­හනේ අර­මුණ වී තිබේ.

මෙම ප්‍රය­ත්නයේ කේන්ද්‍රීය අංග­යක් වන්නේ උතුරුමැද පළාත් ඇළ ව්‍යාපෘ­තිය (NCPCP) වන අතර එය කලා­පයේ කෘෂි­ක­ර්මා­න්තය සඳහා ජල ප්‍රවේ­ශය වැඩි­දි­යුණු කිරීමේ ප්‍රධාන කාර්ය­භා­ර­යක් ඉටු කරයි. මේ අනුව වර්ධ­නය වන ගෝලීය ඉල්ලුම සපු­රා­ලීම සඳහා ශ්‍රී ලංකාවේ පල­තුරු ස්ථාන­ගත කිරීම ඉල­ක්ක­යවී තිබේ.

ශ්‍රී ලංකාවේ පල­තුරු අප­න­ය­නය පුළුල් කිරීමේ අවස්ථා සහ අභි­යෝග පිළි­බ­ඳව මෙම වැඩ­මු­ළුවේ දී සාකච්ඡා කෙරිණි. අප­න­ය­නය සඳහා හඳු­නා­ගත් ප්‍රධාන පල­තුරු වන්නේ අඹ, දෙළුම්, පේර සහ අන්නා­සිය. මෙම පල­තුරු සඳහා ගෝලීය ඉල්ලුම පව­තින අතර නිෂ්පා­දන තත්ත්වය වැඩි­දි­යුණු කිරීම, ස්ථාවර සැප­යුම සහ­තික කිරීම සහ වසර පුරා ලබා­ගැ­නීමේ හැකි­යාව පවත්වා ගැනීමේ අභි­යෝ­ග­යට මුහුණ දීමේ අව­ශ්‍ය­තා­වය මෙහිදී අව­ධා­ර­ණය කෙරිණි.

මෙම අව­ස්ථා­වට රැඹෑව, කහ­ට­ග­ස්දි­ගි­ලිය, පලු­ග­ස්වැව, ගලෙ­න්බි­ඳු­ණු­වැව, කැකි­රාව සහ තිර­ප්පනේ යන ප්‍රාදේ­ශීය ලේක­ම්ව­රුන් සහ ගොවි­ජන සංව­ර්ධන දෙපා­ර්ත­මේ­න්තුව, වාරි­මාර්ග දෙපා­ර්ත­මේ­න්තුව, වන­ජීවී සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව, වන සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සහ කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තුව යන ආය­ත­න­වල ප්‍රධාන රාජ්‍ය නිල­ධා­රීන් පිරි­සක් එක්ව සිටි­යහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT