Home » අබ­ලන් මාර්ගය කඩි­න­මින් හදා දෙන්න – ප්‍රදේ­ශ­වා­සීහු පව­සති
ෆෝග්මෝර් - ගල්කන්ද තේ වතු­ව­ලට යන්න හරි­හැටි මාර්ග­යක් නෑ

අබ­ලන් මාර්ගය කඩි­න­මින් හදා දෙන්න – ප්‍රදේ­ශ­වා­සීහු පව­සති

by Gayan Abeykoon
December 5, 2024 1:03 am 0 comment

මස්කෙ­ළිය සමූහ - ගාමිණී බණ්ඩාර ඉලං­ග­න්ති­ලක

මස්කෙ­ළිය, ෆෝග්මෝර් හා ගල් කන්ද යන තේ වතු­යා­ය­ව­ලට පිවි­සෙන මාර්ග දැඩි ලෙස අබ­ලන්ව පැව­තීම නිසා එම ප්‍රදේ­ශයේ පාසල් දරු­වන් හා වතු ජන­තාව දැඩි ලෙස පීඩා­වට පත්ව සිටිති.

නෝර්වුඩ් ප්‍රාදේ­ශීය ලේකම් බල­ප්‍ර­දේ­ශයේ පිහිටි ෆෝග්මෝර් හා ගල්කන්ද යන තේ වතු­වල පවුල් 130ක් පමණ ජීවත් වෙති. මාර්ග හා ප්‍රවා­හන පහ­සු­කම් නොමැ­ති­කම නිසා මෙම ප්‍රදේ­ශයේ ජීවත් වන වතු කම්කරු ශ්‍රමික ප්‍රජාව හා පාසල් දරු­වන් මගී ප්‍රවා­හන බස් රථ­යක් ලබා ගැනී­මට කි.මී.8ක පමණ දුරක් පා ගම­නින් ගාඩ්මෝර් දක්වා පැමි­ණිය යුතුය. කුලී ත්‍රිරෝද රථ­ය­කින් ගාඩ්මෝර් දක්වා පැමි­ණී­මට රු. 1,500ක මුද­ලක් අය කරන බව එම ජන­තාව පව­සති. වතු­යා­යට පිවි­සී­මට ඇති මාර්ග අති­ශය දුෂ්කර මාර්ග පද්ධ­ති­යකි. තාර දමා නැති මෙම මාර්ග වැසි දින­වල වැව් බවට පත්වන බවත්, එහි ගමන් කිරීම අති­ශය දුෂ්කර බවත් ප්‍රදේ­ශයේ ජන­තාව පෙන්වා දෙති. වතු­යායේ පදිංචි ගැබිනි කාන්තා­වන් හා රෝගී පුද්ග­ල­යන් මස්කෙ­ළිය ප්‍රාදේ­ශීය රෝහල වෙත රැගෙන ඒමට කි.මී.18ක පමණ දුරක් පැමි­ණිය යුතු බවත්, රෝහල වෙත පැමි­ණී­මට ප්‍රථම ඔවුන් අත­ර­ම­ඟදී ඉතා අවා­ස­නා­වන්ත ලෙස මිය­ගිය අවස්ථා කිහි­ප­යක් ඇති බවත්, තමන් මේ රටේ නොස­ලකා හැර ඇති පිරි­සක් බවට පත්ව ඇති බවත් ප්‍රදේ­ශ­වා­සීන් හා රියැ­දුරෝ පව­සති. වත්මන් රජයේ ජනා­ධි­ප­තිගේ අව­ධා­න­යට ලක්වී ෆෝග්මෝර් හා ගල්කන්ද වතු­යා­ය­න්ව­ලට පිවි­සෙන මාර්ග පද්ධ­තිය තාර අතුරා සංව­ර්ධ­නය කර දෙන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT