Home » රෝහ­ල්ගත සහෝ­ද­ර­යාට රාත්‍රී ආහාරය දී මිතු­රකු සමඟ යතු­රු­පැ­දි­යෙන් ගෙදර එද්දී මල්ලී ටිපර් රථ­යට බිලි

රෝහ­ල්ගත සහෝ­ද­ර­යාට රාත්‍රී ආහාරය දී මිතු­රකු සමඟ යතු­රු­පැ­දි­යෙන් ගෙදර එද්දී මල්ලී ටිපර් රථ­යට බිලි

by Gayan Abeykoon
December 5, 2024 1:03 am 0 comment

බණ්ඩා­ර­ගම - බිමල් ජය­සිංහ පොතු­පි­ටිය - සුමිත් ප්රේම­ති­ලක

රෝගී, සහෝ­ද­ර­යාට රාත්‍රී ආහාර පාර්ස­ලක් ලබා දී මිතු­රෙකු සමඟ යතු­රු­පැ­දි­යෙන් නිවෙස කරා පැමි­ණෙ­මින් සිටිය දී මොරො­න්තු­ඩුව දැල්කඩ හන්දිය අසල දී පෙරේදා (03) රාත්‍රී ටිපර් රථ­යක ගැටී සිදු වූ අන­තු­ර­කින් තරු­ණ­යකු මිය­ගොස් මිතුරා බර­ප­තළ තුවාල ලබා රෝහ­ල්ගත කර ඇතැයි මොරො­න්තු­ඩුව පොලී­සිය පව­සයි.

අන­තු­රින් මිය­ගොස් ඇත්තේ මොරො­න්තු­ඩුව, මහා ගෝන­දුව, කව­ට­යා­ගොඩ පාර අංක16 නිවසේ පදිං­චිව සිටි 18 හැවි­රිදි අසිත උද­යංග සිල්වා තරු­ණ­යායි.

බර­ප­තළ තුවාල ලද එම ප්‍රදේ­ශ­යේම පදිංචි 17 හැවි­රිදි අනෙක් තරු­ණයා කළු­තර, නාගොඩ රෝහල වෙත ඇතු­ළත් කර ඇත.

අන­තු­රින් පසු පලා ගොස් සිටි ටිපර් රථ රියැ­දුරු පිළි­ය­න්දල ප්‍රදේ­ශ­යේදී ටිපර් රථ­යත් සමඟ අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

මිය­ගිය තරු­ණ­යාගේ සහෝ­ද­ර­යකු රෝගීව බණ්ඩා­ර­ගම දිසා රෝහලේ ප්‍රති­කාර ලබන අතර ඔහුට රාත්‍රී ආහාර පාර්ස­ල­යක් ලබාදී මිතුරා සමඟ යළි නි‍ෙවස කරා පැමි­ණෙ­මින් සිටි­යදී බණ්ඩා­ර­ගම සිට කළු­තර දෙසට ධාව­නය වෙමින් තිබූ වාහන පෙළ­කට ඉස්සර කර යාමේදී කළු­තර දෙස සිට බණ්ඩා­ර­ගම දෙසට වැලි පට­වා­ගෙන පැමිණි ටිපර් රථයේ ඉදි­රි­පස දකුණු පෙදෙසේ ගැටී මෙම අන­තුර වී තිබූ බවට පොලිස් විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වී ඇත.

අන­තුර සැලවූ වහම එම ස්ථාන­යට පොලිස් නිල­ධා­රීන් පැමි­ණීමේ දී මාර්ගයේ වම්පස නවතා තිබූ ටිපර් රථ­යක් පණ ගන්වා­ගෙන ගමන් කිරීමේ ඇතිවූ සැකය මත එහි ලියා­ප­දිංචි අංකය සට­හන් කර­ගත් පොලිස් නිල­ධා­රි­යෙකු බර­ප­තළ තුවාල ලද තරු­ණ­යන් දෙදෙනා ගෝන­දුව ප්‍රාදේ­ශීය රෝහල වෙත ඇතු­ළත් කිරී­මෙන් අන­තු­රුව පැදි­කරු එහි දී මිය­ගොස් තිබූ බව පොලී­සිය පව­සයි.

අන­තු­රට පත් තරු­ණ­යන් දෙදෙනා ගමන් ගත් යතු­රු­පැ­දියේ ගැටුණු වාහ­න­යක් නොවීම හේතු­වෙන් මඳ වේලා­ව­කට පෙර දී එම ස්ථානයේ සිට පිටත් වූ ටිපර් රථයේ ලියා­ප­දිංචි අංකය ඔස්සේ සිදු කරන ලද විම­ර්ශ­න­වල දී එලෙස පලා ගිය වාහ­නය මෙම ටිපර් රථය බවට අනා­ව­ර­ණය කර­ගෙන පිළි­ය­න්දල ප්‍රදේ­ශ­යට ගොස් ටිපර් සහ එහි රියැ­දුරු අත්අ­ඩං­ගු­වට ගත් බව පොලී­සිය පව­සයි.

අන­තු­රින් මිය­ගිය තරු­ණයා පුහුණු රියැ­දුරු බල­ප­ත්‍ර­යක් හිමි තැනැ­ත්තකු බවට පොලිස් විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වී ඇත.

අත්අ­ඩං­ගු­වට ගත් 25 හැවි­රිදි ටිපර් රථ රියැ­දුරු පාන­දුර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT