Home » ශ්‍රී ලංකාවේ වෛරී ප්‍රකාශ පිළිබඳ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ වැඩමුළුවක්

ශ්‍රී ලංකාවේ වෛරී ප්‍රකාශ පිළිබඳ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ වැඩමුළුවක්

by chanaka
December 5, 2024 9:51 am 0 comment

ප්‍රමුඛ පෙළේ නීති විශාරදයන්, විද්වතුන් සහ පාර්ශ්වකරුවන් එක්කර ගනිමින් “ප්‍රතිසංස්කරණ සඳහා මාවතක්: ​​ශ්‍රී ලංකාවේ වෛරී ප්‍රකාශ නීති පිළිබඳ විමර්ශනය කිරීම” යන මැයෙන් කාලීන වැඩමුළුවක් පසුගිය නොවැම්බර් 28 වැනිදා කොළඹ මැන්ඩරිනා හෝටලයේදී පැවැත්විණි.

මාධ්‍ය නීති සංසදය විසින් සංවිධාන කරන ලද මෙම වැඩමුළුව, වෛරී ප්‍රකාශ සමාජයෙන් තුරන් කිරීම පිළිබඳ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ පිළිබඳ අර්ථවත් සංවාදයක් සහ සහයෝගීතාවයක් ඇති කිරීම අරමුණු කරගනු ලැබීය.

වැඩමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස, UNESCO හි නව දිල්ලි කාර්යාලයේ සන්නිවේදන සහ තොරතුරු පිළිබඳ උපදේශක, Hezekiel Dlamini විසින් ප්‍රධාන දේශනය පවත්වන ලදී.

මෙම වැඩමුළුවට ඉදිරිපත් කළ යෝජිත වෛරී කථන ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ලේඛනය පිළිබඳ පුළුල් සමාලෝචනයක් ලබාදුන් අතර, ඵලදායී මාධ්‍ය ප්‍රතිපත්ති මුලපිරීම් හරහා වෛරී කථනයට එරෙහිව යුනෙස්කෝවේ ප්‍රයත්නයන් ඉස්මතු කරමින් ගෝලීය අත්දැකීම් බෙදාහදා ගත්තේය.

අනතුරුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ නීති අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය තුසිත අබේසේකර විසින් සංසන්දනාත්මක වෛරී ප්‍රකාශන නීති සම්පාදනය පිළිබඳ විග්‍රහයක් ඉදිරිපත් කරන ලදී.

මාධ්‍ය නීති සංසදයේ සභාපති නීතිඥ විරංජන හේරත් විසින් මෙහෙයවන ලද සංවාද මණ්ඩපයක් ද මෙම අවස්ථාවට ඇතුළත් විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT