36
ප්‍රවීණ කලාකරුවකු, මාධ්‍යවේදියකු මෙන්ම “පහන් වැට” නිර්මාණ කේන්ද්‍රයේ නිර්මාතෘ ධර්මසිරි ගමගේ ශූරීන්ගේ විසිවැනි ගුණ සැමරුම වෙනුවෙන් ධර්මසිරි ගමගේ පදනම හා පහන්වැට නිර්මාණ කේන්ද්‍රය සංවිධාන කරන “සිහින නෙළුම් මල” හරසර උළෙල හෙට (06) පස්වරු 5.30 ට බත්තරමුල්ල, අපේ ගම පරිශ්‍රයේදී පැවැත්වේ. මෙහිදී කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් ධර්මසිරි ගමගේ ශූරීන් විසින් රචිත ගීත රැසක් ගායනා කෙරෙන අතර මහාචාර්ය ප්‍රනීත් අභයසුන්දර විසින් ධර්මසිරි ගමගේ විමසුම් දෙසුම පවත්වනු ලබයි.