හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) තම බහාලුම් මෙහෙයුම් තවදුරටත් වැඩි දියුණු කරමින්, අති නවීන දොඹකර තාක්ෂණයක් සඳහා ඩොලර් මිලියන 41ක මුදලක් ආයෝජනය කර තිබේ.
ගැන්ට්‍රි දොඹකර (QC) හතරක් සහ රබර් ටයර් ගැන්ට්‍රි දොඹකර (RTG) දහතුනක් මෙම නවීකරණයට ඇතුළත් වන අතර, එමඟින් සම්මත අඩි 20 බහාලුම් (TEU) මිලියනයක් හැසිරවීමේ හැකියාව හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) සතුවෙයි. නව යන්ත්‍රෝපකරණ, 2025 ජනවාරි මස මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිත බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය පවසයි. නොවැම්බර් 30 වන දින De Qiang 66 නෞකාවෙන් පැමිණි QC හතර, මීටර් 65ක දිගක් ඇති ද්විත්ව එසවීම්වලින් (Twinlift) සමන්විත වන අතර, ටොන් 50ක තනි එසවීම්, ටොන් 65ක ද්විත්ව (tandem) එසවීම් සහ underhook බාල්කය යටතේ ටොන් 75ක බර ප්‍රමාණයක් හැසිරවීමේ හැකියාව ඇති අතර ගරාදියට ඉහළින් (above rail) මීටර් 42ක් සහ පහළින් (below) මීටර් 20ක ඔසවන උසක් සපයයි. එදිනම Fend Hai Da නෞකාවෙන් පැමිණි RTG යන්ත්‍රා, මීටර 23.47ක පරාසයක් සහ මීටර 6.9 පාදක දුරකින් යුක්ත වන අතර, ටොන් 41ක තනි හැසිරවීමේ ධාරිතාවකින් සහ බහාලුම් 6කට වැඩි එසවුම් උසකින් සමන්විත වේ.
එමෙන්ම මෙම යන්ත්‍ර හරිත වරායන්ට උචිත ලෙස නිර්මාණය කොට ඇත. HIPහි නවීන QC සහ RTG දොඹකර, මෙහෙයුම්වලදී ඉහළ කාර්යක්ෂමතාව සහ ආරක්ෂාව සහතික කරමින් උසස් ස්වයංක්‍රීයකරණ පද්ධති සහ ගැටුම් වළකන තාක්ෂණයෙන් නිමව තිබේ. HIPහි දැනට ක්‍රියාත්මක යන්ත්‍රෝපකරණ සමඟ එක්වන නව දොඹකර සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වීමට මාස දෙකකට ආසන්න කාලයක් ගතවනු ඇතැයි අපේක්ෂා කෙරේ.