Sunday, April 20, 2025
Home » Clean Sri Lanka වැඩ­ස­ට­හ­නට ලෝක බැංකුවේ සහාය

Clean Sri Lanka වැඩ­ස­ට­හ­නට ලෝක බැංකුවේ සහාය

by Gayan Abeykoon
December 5, 2024 1:07 am 0 comment

උපාලි කරු­ණා­රත්න

ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා සහ ලෝක බැංකු විධා­යක අධ්‍ය­ක්ෂ­ව­රයා අතර හමු­වක්  ජනා­ධි­පති කාර්යා­ලයේ දී ඊයේ (04) සිදු­විය.

එහි දී රජයේ Clean Sri Lanka වැඩ­ස­ට­හ­නට ලෝක බැංකුවේ සහාය දෙන බව ලෝක බැංකුවේ විධා­යක අධ්‍යක්ෂ පර­මේ­ෂ්ව­රන් අයි­යර් (Parameswaran Iyer) මහතා පැවැ­සීය.

ජන­පති ප්‍රමුඛ නව රජ­යට මෙහි දී සුබ පැතුම් එක් කළ ලෝක බැංකු විධා­යක අධ්‍ය­ක්ෂ­ව­රයා, දැනට ලෝක බැංකුවේ සහාය  දෙන  සිය­ලුම ව්‍යාපෘති  ඉදි­රි­ය­ටත් එලෙ­සින්ම ක්‍රියා­ත්මක කරන බව ද සඳ­හන් කළේය. එසේම නව රජයේ ඉදිරි සංව­ර්ධන සැල­සුම් මෙන්ම, ග්‍රාමීය දුප්ප­ත්කම පිටු­දැ­කීම සඳහා වන සැල­සුම්,  ආර්ථික ඩිජි­ට­ල්ක­රණ වැඩ­ස­ට­හ­නට සම­ගා­මීව ක්‍රියා­ත්මක ඩිජි­ටල් හැඳු­නු­ම්පත් ව්‍යාපෘ­තිය ආදී ව්‍යාපෘති හා සැල­සුම් පිළි­බඳ ද ජනා­ධි­ප­ති­ව­රයා මෙහි දී දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කළේය.

වතු­ක­රයේ ජන­තා­වගේ ඉඩම් හා නිවාස ගැට­ලුව ඇතුළු උතුරු සහ නැ‍ඟෙන­හිර ජන­තාව දීර්ඝ කාල­යක් පුරා මුහු­ණදී සිටින ගැට­ලු­ව­ලට  විස­ඳුම් සෙවීම පිළි­බඳ ද මෙහි දී දීර්ඝ ලෙස කතා­බ­හට ලක් විය.

මෙරට කෘෂි­ක­ර්මා­න්තය, ධීවර, සංචා­රක,  අධ්‍යා­පන හා සෞඛ්‍ය  ක්ෂේත්‍ර­යන් සංව­ර්ධ­නය කිරීම කෙරෙහි රජයේ ප්‍රමුඛ අව­ධා­නය යොමුව තිබෙන බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා මෙහි දී පැව­සු­වේය.

රජයේ ඉදිරි සංව­ර්ධන සැල­සුම් ක්‍රියා­ත්මක කිරීම සඳහා සහාය දෙමින් එහි ආර­ම්භක පිය­වර ලෙස මෙරට උප­දේ­ශන කණ්ඩා­ය­මක් සමඟ සාකච්ඡා පැවැ­ත්වී­මට සූදා­නම් බව සඳ­හන් කළ ලෝක බැංකු විධා­යක අධ්‍ය­ක්ෂ­ව­රයා රජයේ Clean Sri Lanka වැඩ­ස­ට­හන ඇග­යී­මට ලක් කළේය.

කම්කරු ඇමැති සහ ආර්ථික සංව­ර්ධන නියෝජ්‍ය ඇමැති   මහා­චාර්ය අනිල් ජයන්ත,  මුදල් හා ක්‍රම සම්පා­දන නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂණ සුරි­ය­ප්පෙ­රුම,  ජනා­ධි­පති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමා­නා­යක  මහ­ත්වරු ද මේ සාක­ච්ඡා­වට එක්ව සිටි­යහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT