Home » මිය­ගිය 192 දෙනාට පින් අනු­මෝ­දන් කිරී­මක්
සප්ත­කන්‍යා ගුවන් අන­තු­රට වසර 50යි:

මිය­ගිය 192 දෙනාට පින් අනු­මෝ­දන් කිරී­මක්

by Gayan Abeykoon
December 5, 2024 1:04 am 0 comment

හැටන් රංජිත් රාජ­පක්ෂ

මෙරට ඉති­හා­සයේ සිදු වූ බිහි­සු­ණුම ගුවන් අන­තුර සිදු වී ඊයේට (04) වසර පන­හක් පිරුණි. ඒ නිමි­ත්තෙන් නෝට­න්බ්‍රිජ් විම­ල­සු­රේන්ද්‍ර ජලා­ශය අසල ඉදි­කර ඇති ස්මාර­කය අසල ගුවන් අන­තු­රෙන් මිය­ගිය අය සිහි කර­මින් විනා­ඩි­යක නිශ්ශ­බ්ද­තා­වක් සහ පින් අනු­මෝ­දම් කිරීමේ වැඩ­ස­ට­හ­නක් සිදු කෙරිණි. නෝට­න්බ්‍රිජ් පොලි­සියේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක කපිල විජේ­සූ­රිය මහතා, නෝට­න්බ්‍රිජ් පොලි­සියේ නිල­ධා­රින් සහ නෝට­න්බ්‍රිජ් ත්‍රිරෝද රථ සංග­මයේ සාමා­ජි­ක­යන් එක්ව මේ පින් අනු­මෝ­දම් කිරීමේ වැඩ­ස­ට­හන සංවි­ධාන කර තිබිණි.

මාර්ටින් එයාර් ගුවන් සමා­ග­මට අයත් ඩී.සී. 8 ගුවන්යානය 1974 වසරේ දෙසැ­ම්බර් 4 වැනි දින ඉන්දු­නී­සි­යාවේ සුර­බෙයාර් ගුව­න්තො­ටු­පළේ සිට මක්කම දක්වා පියා­සර කර­මින් තිබි­යදී එදින රාත්‍රී 10.10ට ගුවන්යානය නෝට­න්බ්‍රිජ් සප්ත­කන්‍යා කඳු මුදුනේ ගැටී එහි ගමන් ගත් මගීන් 182 දෙනකු සහ කාර්ය මණ්ඩ­ලයේ 9 දෙනකු ජිවි­ත­ක්ෂ­යට පත් විය.

ගුවන්යානයේ ටය­ර­යක් නෝට­න්බ්‍රිජ් විම­ල­සු­රේන්ද්‍ර ජලා­ශය අසල සිහි­ව­ට­න­යක් සේ තබා ඇති අතර, එම ටය­රය පාමුල ගුවන්යානයේ ප්‍රධාන නිය­මුවා වූ හෙන්ඩ්‍රික් ලැම්, පළමු නිය­මුවා වූ රොබර්ට් බ්ලොම්ස්මා ඇතුළු ගුවන් කාර්ය මණ්ඩ­ලයේ අයගේ නම් සඳ­හන් කර ඇත.

සිහි­ව­ට­නය ඉදි­රි­පිට මල් තැන්පත් කර, ඉටි පහන් දල්වා මියගිය අය සිහි කර­මින් විනා­ඩි­යක නිශ්ශ­බ්ද­තා­වක් පැවැ­ත්වී­මෙන් අන­තු­රුව නෝට­න්බ්‍රිජ් විදු­ලි­පුර ශ්‍රී සුද­ර්මා­රා­මයේ විහා­රා­ධි­පති තුරු­විල ජින­ර­තන හිමි­යන් විසින් ගුවන් අන­තු­රෙන් මිය­ගිය සියලු දෙනාට පින් අනු­මෝ­දම් කළහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT