Home » ජොන්ස්ටන්ගේ නඩුවක් යළි විභාගයට

ජොන්ස්ටන්ගේ නඩුවක් යළි විභාගයට

by chanaka
December 5, 2024 2:37 pm 0 comment

වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියේදී සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතු වලට යෙදවීම තුළින් රජයට පාඩු සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව යළි විභාගයට ගෙන ඇත.

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් ඉදිරිපත් කළ සාක්ෂිකරුගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදුකෙරුණි.

ඉන් අනතුරුව වැඩිදුර විභාගය ලබන 13 වැනිදා දක්වා කල් තැබූ විනිසුරුවරයා එදින සාක්ෂිකරුවන්ගෙන් විත්තිය නීතිඥවරු විසින් හරස් ප්‍රශ්න වීමසීමට නියමිත ය.

2012 වසරේ වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් ස.තො.ස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරී වලින් ඉවත්කර දේශපාලන කටයුතු වල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කොට හිටපු වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, එම ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි ක්‍රියාකාරී අධ්‍යක්ෂ මොහොමඩ් සාකීර් යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT