Home » හිටපු ඇමති සුජීවගේ වාහනය ගැන නියෝගයක්

හිටපු ඇමති සුජීවගේ වාහනය ගැන නියෝගයක්

by chanaka
December 5, 2024 2:32 pm 0 comment

හිටපු අමාත්‍ය සුජීව සේනසිංහ මහතා සන්තකයේ තිබූ ප්‍රශ්නගත වාහනයකට අදාළ නඩුවේ එහි මුල් අයිතිකරු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගාගෙන් ලබා ගත් ආදර්ශ අත්සන් සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් අධිකරණ නියෝග ප්‍රකාරව ගෙන්වා ගත් MT -6 සහ 2 පෝරම දෙක සහ නෝ ඔබ්ජෙක්ෂන් ලිපිය ප්‍රශ්නාවලිය සමග රජයේ රස පරීක්ෂකවරයාට යවා වාර්තා කැඳවන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් සිදු කළ ඉල්ලීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (05) අවසර ලබා දී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් ගොනු කරමින් සිදු කළ ඉල්ලීමට මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය සිදු කළාය.

ජේ ශ්‍රී රංගාගෙන් ප්‍රකාශ ලබා ගත් බවත් ඇතැම් පෝරම වල අත්සන් ඔහුගේ නොවන බවට ප්‍රකාශ ලබා දුන් බවත් පවසන පොලිසිය, ඔහුගේ ආදර්ශ අත්සන් සහ ප්‍රශ්නාවලිය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT