Home » ඉන්දීය ධීවර යාත්‍රා 2ක් සමග 14 ක් නාවික හමුදා භාරයට

ඉන්දීය ධීවර යාත්‍රා 2ක් සමග 14 ක් නාවික හමුදා භාරයට

by chanaka
December 5, 2024 2:29 pm 0 comment

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 02ක් සමග එහි සිටි 14 දෙනෙකු මන්නාරම උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේ ඊයේ (04) රාත්‍රියේ මෙම විශේෂ සෝදිසි මෙහෙයුම දියත් කළ බවයි.

ඉන්දීය ධීවර යාත්‍රා 02ක සහ ධීවරයින් 14 දෙනා තලෛමන්නාරම ජැටිය වෙත රැගෙනවිත් ඇති අතර ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතය.

මෙම මෙහෙයුමත් සමග 2024 වර්ෂයේ මේ දක්වා සිදුකළ මෙහෙයුම්වලින් මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 68ක් සහ ඉන්දීය ධීවරයින්529 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT