Monday, April 21, 2025
Home » භාෂා හතක් කතා කරන හොරෙක් බඩුත් එක්කම මාට්ටු

භාෂා හතක් කතා කරන හොරෙක් බඩුත් එක්කම මාට්ටු

by Gayan Abeykoon
December 5, 2024 1:07 am 0 comment

බණ්ඩා­ර­ගම - බිමල් ජය­සිංහ සහ නුගේ­ගොඩ - සමීර අබේ­සිංහ

පොලිස් වසම් පහක සොර­කම් රැස­කට සම්බන්ධ භාෂා 7 ක හසල දැනු­මක් ඇති සංචා­රක මඟ පෙන්ව­න්නකු රුපි­යල් ලක්ෂ 60 කට අධික සොරා­ගත් දේපළ තොග­යක් සමග අත්අ­ඩං­ගු­වට ගත් බව බස්නා­හිර පළාත දකුණු දිසාව අප­රාධ කොට්ඨා­සය කියයි.

සැක­කරු එලෙස සොරා­ගෙන තිබූ නවීන මාදි­ලියේ ලැප්ටොප් පරි­ග­ණක හතක් , පාපැදි තුනක් , රූප­වා­හිනි යන්ත්‍ර­යක් , ජංගම දුර­ක­ථන , රුපි­යල් ලක්ෂ පහ­කට ආසන්න තීන්ත තොග­යක් පොලිස් භාර­යට ගෙන ඇත.

කොල්ලු­පි­ටිය ප්‍රදේ­ශයේ ආග­මික ස්ථාන­යක් වන්ද­නා­මාන කිරීම සඳහා පැමිණි විශ්ව­වි­ද්‍යාල සිසු­ව­කුගේ ලැප්ටොප් පරි­ග­ණ­ක­යක් අඩංගු බෑග­යක්, ලැප්ටොප් පරි­ග­ණ­ක­යක් නැති බෑග­යක් තබා පුද්ග­ල­යකු ඉතා සූක්‍ෂම අයු­රින් රැගෙන යන අයුරු එහි සවි කර තිබූ සීසි­ටීවී කැම­රා­වක සට­හන්ව තිබිණි.

එම දර්ශ­න­වල සිටින පුද්ග­ලයා දෙහි­වල වැල්ල ප්‍රදේ­ශයේ නිව­සක දිවි ගෙවන පුද්ග­ල­යකු බවට පොලිස් සැර­යන් 60161 වසන්ත නිල­ධා­රි­යාට ලද තොර­තු­ර­කට අනුව සැක­කරු අත්අ­ඩං­ගු­වට ගෙන ප්‍රශ්න කිරී­මේදී කොළඹ සහ තදා­සන්න ප්‍රදේ­ශ­වල ඉකුත් වස­රක පමණ කාලය තුළ සිදු වූ සොර­කම් රැස­කට සම්බන්ධ පුද්ග­ලයා බවට අනා­ව­ර­ණය වී යැයි පොලි­සිය කියයි.

සැක­ක­රු­ගෙන් කළ ප්‍රශ්න කිරී­මේදී බම්බ­ල­පි­ටිය, කොල්ලූ­පි­ටිය, වැල්ල­වත්ත, ගල්කිස්ස හා දෙහි­වල පොලිස් වස­ම්වල සැක­කරු කළ සොර­කම් අටක තොර­තුරු අනා­ව­ර­ණය කළ අතර ඒවා­යෙන් සොරා­ගත් දේප­ලද සැක­කරු පදිං­චිව සිටි නිවස තුළ හා ස්ටේට්පුර, දෙහි­වල, ගල්කිස්ස හා කොහු­වල ඇතුළු කොළඹ අවට පදිංචි පුද්ග­ල­යන්ට අඩු මුද­ලට විකුණා තිබි­යදී සොයා­ගත් බව පොලි­සිය කියයි.

අත්අ­ඩං­ගු­වට ගත් සැක­කරු නාත්ත­න්ඩියේ ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රු­වකු වන අතර සංචා­රක මග­පෙ­න්වීමේ රැකි­යාව සිදු කරද්දී  කොකේන් මත්ද්‍ර‍ව්‍ය භාවි­තය දැඩිව ඇබ්බැ­හිව ඇති බවත්, ඊට විශාල මුද­ලක් වැය වෙන බැවින් හොරෙන් මත්කුඩු පාන­යට යොමුව මේ වන විට දින­කට මත්කුඩු පැකට් 10/15 ක් අතර ප්‍රමා­ණ­යක් පානය කිරී­මට පුරුදු වී ඇති බවත් පොලී­සිය පැව­සීය.  32 හැවි­රිදි සැක­කරු ඉංග්‍රීසි, දෙමළ, සිංහල, හින්දු, අරාබි, රුසි­යන් හා ජර්මන් භාෂා­වෙන් කතා කිරීමේ නිපු­ණ­ත්ව­යක් ලබා ඇත්තෙකු බවද පොලි­සිය සඳ­හන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT