Home » බූස්සේ සෝදි­සි­ය­කින් රැඳ­වි­යන් සතුව තිබූ තහ­නම් බඩු රැසක් සොයා­ගනී

බූස්සේ සෝදි­සි­ය­කින් රැඳ­වි­යන් සතුව තිබූ තහ­නම් බඩු රැසක් සොයා­ගනී

by Gayan Abeykoon
December 5, 2024 1:05 am 0 comment

ගාල්ල දිස්ත්රික් සංචා­රක - ධර්ම­දාස සිරි­ව­ර්ධන

බූස්ස බන්ධ­නා­ගා­රයේ හා බන්ධ­නා­ගාර රෝහලේ පෙරේදා (03) කළ සෝදිසි මෙහෙ­යු­ම­කදී තහ­නම් භාණ්ඩ රැසක් රැඳ­වි­යන් සතුව තිබි­යදී සොයා­ගැ­නී­මට බන්ධ­නා­ගාර විශේෂ අංශයේ නිල­ධා­රින් සමත්ව ඇත. විශේෂ කාර්ය බළ­කාය බූස්ස අධි­ආ­ර­ක්ෂිත බන්ධ­නා­ගාර කඳ­වුරේ නිල­ධා­රින්ට ලද තොර­තු­ර­කට අනුව මේ වැට­ලීම සිදු කර ඇත.

එහිදී බන්ධ­නා­ගාර රෝහලේ හා බන්ධ­නා­ගාර රෝහල් භූමියේ තිබී බන්ධ­නා­ගා­රයේ තහ­නම් භාණ්ඩ වන Samsung වර්ගයේ චාජර් 05, Type C වර්ගයේ ඩේටා කේබල් 8ක්, ලයි­ටර් 2ක් හා පිටත ආව­ර­ණය ඉවත් කළ වයර් කැබැලි 2 ක් යොදා සකස් කරන ලද චාජ­ර­යක් අත්අ­ඩං­ගු­වට ගෙන වැඩි­දුර විම­ර්ශ­න­යට බන්ධ­නා­ගාර පාල­නා­ධි­කා­රිය වෙත භාර දුන් බව කියයි.

විශේෂ කාර්ය බළ­කාය අණ­දෙන නිල­ධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති නීතිඥ වරුණ ජය­සු­න්දර මහ­තාගේ නියෝග හා උප­දෙස් පරිදි හම්බ­න්තොට කලා­පය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි කීර්ති විජේ­සිංහ මහ­තාගේ මෙහෙ­ය­වීම මත, සහ­කාර පොලිස් අධි­කාරි නිශාන්ත මහ­තාගේ අධී­ක්ෂ­ණ­යෙන් බූස්ස අධි­ආ­ර­ක්ෂිත බන්ධ­නා­ගාර කඳ­වුරේ උප පොලිස් පරී­ක්ෂක කේ.කේ. සුනිල් ඇතුළු නිල­ධා­රින් කණ්ඩා­ය­මක් විසින් පෙරේදා (03) බන්ධ­නා­ගා­රයේ විශේෂ අංශයේ බන්ධ­නා­ගාර රෝහල හා බන්ධ­නා­ගාර රෝහල් භූමියේ සෝදිසි කිරී­මක් සිදු කර ඇත.

ඡායා­රූප – ගාල්ල දිස්ත්‍රික් සංචා­රක

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT