Home » ලාංකේය නාමය ලොව රැන්දූ ආචාර්ය ක්‍රිස්ටෝ­ෆර් රාජේන්ද්‍ර පාන­බොක්කේ

ලාංකේය නාමය ලොව රැන්දූ ආචාර්ය ක්‍රිස්ටෝ­ෆර් රාජේන්ද්‍ර පාන­බොක්කේ

by Gayan Abeykoon
December 5, 2024 1:05 am 0 comment

දේශ­මාන්‍ය, විද්‍යා­ජෝති, ආචාර්ය රාජේන්ද්‍ර පාන­බොක්කේ BSc, PhD, DSc. (h.c.) ශ්‍රී ලංකාවේ බිහි වූ, පාංශු විද්‍යාව, කෘෂි­ක­ර්මය හා ශ්‍රී ලංකාවේ ජල ප්‍රභ­ව­යන් යන විෂ­යන් පිළි­බඳ විශිෂ්ට ගණයේ විද්‍යා­ඥ­යෙකු වූවේය. මහ­නු­වර දිස්ති­ක්කයේ උඩු­නු­වර, වට්ට­ප්පොල “පාන­බොක්කේ වලව්ව” පාර­ම්ප­රික නිවෙ­සේදී ඔහු ජන්ම ලාභය ලැබීය. පළ­මුව මහ­නු­වර හිල්වුඩ් විද්‍යා­ල­යෙන් හා ශාන්ත අන්තෝනි විද්‍යා­ල­යෙන් ද දෙව­නුව කොළඹ ශාන්ත බෙන­ඩික්ට් විද්‍යා­ල­යෙන් ද ඔහු මූලික අධ්‍යා­ප­නය ලබා­ගත් අතර, 1949 දී ලංකා විශ්ව­වි­ද්‍යා­ල­යෙන් (University of Ceylon) රසා­යන විද්‍යාව පිළි­බඳ ගෞරව උපා­ධිය ලබා­ ග­ත්තේය.

අන­තු­රුව, ඔස්ට්‍රේ­ලි­යාවේ ඇඩි­ලේඩ් විශ්ව­වි­ද්‍යා­ලයේ වෙයිට් කෘෂි­කර්ම පර්යේ­ෂණ ආය­ත­න­යෙන් ඔහු දර්ශ­න­පති උපා­ධිය (PhD) ලබා­ ග­ත්තේය. වසර 60ක් වූ ඔහුගේ මුළු සේවා කාලය තුළ පාංශු විද්‍යාව, කෘෂි-දේශ­ගුණ විද්‍යා, පරි­සර විද්‍යාව, භූ ජල විද්‍යාව, ඉඩම් පරි­හ­ර­ණය හා වර්ගී­ක­ර­ණය, කුඩා වැව් එල්ලංගා පද්ධති සහ වාරි ජල කළ­ම­නා­ක­ර­ණය යන ක්‍ෂේ ත්‍ර­වල පර්යේ­ෂණ පවත්වා එම විෂය ක්ෂේත්‍ර­යන් පිළි­බඳ සාම්ප්‍ර­දා­යික ඥානය උරු­ම­යක් සේ සල­කා­ගෙන ඒවා පිළි­බඳ අව­බෝ­ධය පුළුල් කිරී­ම­ටත් ඒවා සංව­ර්ධ­නය කිරී­ම­ටත් දැවැන්ත දාය­ක­ත්ව­යක් ඔහු දැක්වූ­වේය. ශ්‍රී ලංකාවේ පාංශු සමී­ක්ෂණ ක්‍රියා­ව­ලි­යට ඔහු නාය­ක­ත්වය දුන් අතර, ඒ මඟින් පාංශු වර්ගී­ක­රණ ක්‍රම­වේ­දය හඳුන්වා දෙමින් ඒ සමඟ ශ්‍රී ලංකාවේ පාංශු සිති­යම ඉදි­රි­පත් කළේය. ශ්‍රී ලංකාවේ කෘෂි-දේශ­ගු­ණික කලාප සිති­යම ද ඔහු අතින් බිහි­වුණ විෂය බද්ධ නිමැ­වු­මකි. ශ්‍රී ලංකාවේ කෘෂි­කර්ම පර්යේ­ෂ­ණය හා සංව­ර්ධ­න­යට අදාළ පද­නම වැටුණේ ද මෙම සිති­යම් යුග­ල­යෙනි. ආචාර්ය පාන­බොක්කේ ශ්‍රී ලංකාවේ වියළි කලා­පීය කෘෂි­කර්ම පර්යේ­ෂණ ආය­ත­න­යේත්, කෘෂි­කර්ම හා වාරි­මාර්ග දෙපා­ර්ත­මේ­න්තු­වල ඉඩම් පරි­හ­රණ අංශ­ව­ලත් ප්‍රධානි තන­තු­රුද, ජාතික පාංශු සමී­ක්ෂ­ණයේ ප්‍රධානි තන­තුර ද, මහ­වැලි සංව­ර්ධන මණ්ඩ­ලයේ අධ්‍යක්ෂ තන­තුර ද, ජල සම්පත් මණ්ඩ­ලයේ අධ්‍යක්ෂ තන­තුර ද, කෘෂි­කර්ම පර්යේ­ෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තන­තුර ද වඩාත්ම ගෞර­ව­නීය කෘෂි­කර්ම අධ්‍යක්ෂ තන­තුර ද ඔහු විසින් හොබ­වනු ලැබීය. මීට අම­ත­රව ජාතික කෘෂි­කා­ර්මික පර්යේ­ෂ­ණය සඳහා අන්ත­ර්ජා­තික සේවාව {International Service for National Agricultural Research (ISNAR)} වෙනු­වෙන් ද,

පාංශු පර්යේ­ෂණ කළ­ම­නා­ක­රණ අන්ත­ර්ජා­තික මණ්ඩ­ල­යට [international Board of the

Soil Research Management (IBSRM)] ද, අන්තර් ජාතික ජල කළ­ම­නා­ක­රණ ආය­ත­නයට

[International Institute of Water Management (IIWM)] ද ඔහු තම සේවා දාය­ක­ත්වය ලබා දුන්නේය. තවද, ඔහුගේ කර්තෘ­ත්ව­යෙන් විද්‍යා­ත්මක ප්‍රකා­ශන 80ට වැඩි සංඛ්‍යා­වක් හා ලංකාවේ පාංශු වර්ග සහ පොහොර භාවි­තය [Soils of Ceylon and Fertilizer use) නමින් ද, ශ්‍රී ලංකාවේ කෘෂි-දේශ­ගු­ණික පරි­සර පද්ධ­තීන් (Agro-Ecological Environments of Sri Lanka ) නමින් ද පොත් දෙකක් ද එළි­ද­ක්වනු ලැබ ඇත. විද්‍යා­ඥ­යෙක් වශ­යෙන් ආචාර්ය පාන­බොක්කේ විසින් පර්යේ­ෂ­ණ­යට ලබා දී ඇති ඉහළ මට්ටමේ දාය­ක­ත්වය අග­ය­මින් පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ල­යෙන් වර්ෂ 1994 වස­රේ­දීත්, රජ­රට විශ්ව­වි­ද්‍යා­ල­යෙන් 2002 වස­රේ­දීත්, සබ­ර­ග­මුව විශ්ව­වි­ද්‍යා­ල­යෙන් 2004 වස­රේ­දීත්

DSc (h.c.) සම්මාන උපා­ධිය ඔහු වෙත පුදනු ලැබීය. වර්ෂ 1986 දී විද්‍යා­ජෝති ජාතික සම්මා­නය හා වර්ෂ 1998 දී විද්‍යා­ජෝති සම්මා­නය ඔහුට තිළිණ කෙරිණ. වර්ෂ 1998 සිට 2004 දක්වා කාලය තුළ සබ­ර­ග­මුව විශ්ව­වි­ද්‍යා­ලයේ කුල­පති තන­තුර හෙබ­වූයේ ද ආචාර්ය පාන­බො­ක්කේයි. ශ්‍රී ලංකාවේ කෘෂි­කා­ර්මික සංව­ර්ධ­නය උදෙසා පාංශු විද්‍යාව, භූ ජල සම්පත හා කුඩා වැව් එල්ලංගා පද්ධ­තිය යන විෂ­යාංග ත්‍රිත්වය ඒකා­බද්ධ කර­මින් හෙතෙම චින්තන ගුරු කුල­යක් නිර්මා­ණය කළේය.

අනු­ප­මේය පෞරු­ෂ­යක් වූ සේම, උත්තම මානව හිත­වා­දි­යෙක් ද වූ ඔහු, ශ්‍රී ලංකා මාතාව බිහි කළ ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍ර­යෙක් විය.

 

සීගිරි අමරසිංහ

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT