Home » ඔන්ලයින් දුම්රිය ප්‍රවේශ පත් ක්‍රමවේදය අලුත් වෙයි

ඔන්ලයින් දුම්රිය ප්‍රවේශ පත් ක්‍රමවේදය අලුත් වෙයි

by chanaka
December 5, 2024 2:38 pm 0 comment

දුම්රිය ප්‍රවේශපත්‍ර මාර්ගගත ක්‍රමයට මිලදී ගන්නා විට හැදුනුම්පත් අංකය හෝ විදේශ ගමන්බලපත්‍ර අංකය ඇතුළත් කළ යුතු බව දුම්රිය සාමාන්‍යාධිකාරී (වැඩබලන) එස්. එස්. මුදලිගේ මහතා පවසයි.

ප්‍රවේශ පත්‍ර ලබාගැනීමේදී සිදු වන අපහසුතා වැලැක්වීමේ විසඳුමක් ලෙස මෙම ක්‍රමය අනුගමනය කරන බව ඔහු සඳහන් කළේය.

එක් අයෙකුට ප්‍රවේශ පත්‍ර 05 ක් මිලදී ගත හැකි බවත් එම කණ්ඩායමේ 05 දෙනා අතර අදාල හැදුනුම්පත් අංකය හෝ විදේශ ගමන්බලපත්‍ර අංකය දරන එක් අයෙකු හෝ සිටිය යුතු බව ද ඔහු පවසයි.

දුම්රිය නිලධාරීන් විසින් සිදුකරන පරික්ෂා කිරීම්වලදී එසේ නොවන අයෙකු එම දුම්රියේ ගමන්කළ හොත් ඔහුට ගමන් ගාස්තුව මෙන් දෙගුණයක් සහ දඩයක් ගෙවීමට සිදුවන බවද ඔහු වැඩිදුරටත් පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT