Monday, April 21, 2025
Home » සතො­සෙන් අඩු මිලට හාල්-පොල්

සතො­සෙන් අඩු මිලට හාල්-පොල්

by Gayan Abeykoon
December 5, 2024 1:15 am 0 comment

ස්වර්ණා විජේ­කෝන්, මහින්ද අලු­ත්ගෙ­දර

දින­කට සහල් කිලෝ ලක්ෂ දෙකක් සතොස මඟින් කිලෝව රුපි­යල් 220ක මිල­කට ජන­තා­වට අලෙවි කිරී­මට තීර­ණය කර ඇතැයි වාණිජ, ආහාර සුර­ක්ෂි­තතා සහ සමු­ප­කාර සංව­ර්ධන අමාත්‍ය වසන්ත සම­ර­සිංහ මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (04) ප්‍රකාශ කළේය.

එමෙන්ම වෙළෙ­ඳ­පොළේ ඇති වී තිබෙන පොල් හිඟ­යට පිළි­ය­මක් ලෙස ඉදිරි සති දෙක තුළදී, නග­රා­සන්න ප්‍රදේ­ශ­වල ජන­තා­වට සතොස මඟින් පොල් ගෙඩි­යක් රුපි­යල් 130ක මුද­ල­කට ලබා දීමට කට­යුතු කරන බව ද සම­ර­සිංහ මහතා කීවේය.

ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා විසින් පසු­ගි­යදා ඉදි­රි­පත් කරන ලද ආණ්ඩුවේ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නය සම්බ­න්ධ­යෙන් වූ පාර්ලි­මේන්තු විවා­ද­යට එක් වෙමින් ඇමැ­ති­ව­රයා මේ බව පැව­සීය.

සතොස මඟින් සහල් අලෙවි කිරී­මට දින­කට සහල් කිලෝ ලක්ෂ දෙකක් රුපි­යල් 220ක මිල­කට මුදා­හැ­රී­මට සහල් මෝල් හිමි­යන් එකඟ වී ඇතැයි ද අමා­ත්‍ය­ව­රයා කීය.

එමෙන්ම දේශීය වෙළෙ­ඳ­පොළේ දැනට පව­තින සහල් අව­ශ්‍ය­තාව සහ අධික වර්ෂා­වෙන් වී වගා­වට සිදුව ඇති හානිය සලකා ලබන දෙසැ­ම්බර් මස 20 වැනිදා මධ්‍යම රාත්‍රිය වන තෙක් සහල් ආන­යන සීමා ඉවත් කිරී­මට කට­යුතු කර ඇති බව අමා­ත්‍ය­ව­රයා පැව­සීය. වෙළෙ­ඳ­පොළ ඇති වූ සහල් හිඟ­යට පිළි­ය­මක් වශ­යෙන් වෙළෙ­ඳ­පොළ සහල් සුලබ කර මෙම ගැට­ලු­වට විස­ඳුම් ලබා දීමට රජය කට­යුතු කර ඇතැයි ද අමා­ත්‍ය­ව­රයා සඳ­හන් කළේය.

“ඉදිරි සති දෙක, තුන තුළදී වෙළෙ­ඳ­පොළ පව­තින පොල් හිඟ­යට පිළි­ය­මක් වශ­යෙන් සහ පාරි­භෝ­ගික ජන­තාව කොල්ල­කෑම වැළැ­ක්වී­මට මෙම තීර­ණය ගත්තා. ඒ සඳහා පොල් ගෙඩි ලක්ෂ 10ක් මුදා­හ­රි­නවා. රට තුළ භාණ්ඩ හිඟ­යන් ඇති කිරී­මට පසු­ගිය සම­යේදී විවිධ පුද්ග­ල­යන් සහ ආය­තන මැදි­හත් වුණා. එම පුද්ග­ල­යන් සමඟ මෙම ගැට­ලුව සාකච්ඡා මාර්ග­යෙන් විසඳා ගැනී­මට උත්සාහ ගන්නවා. එසේ නොවු­ණ­හොත් ජන­තාව අප­හ­සු­තා­වට පත්වීම වැළැ­ක්වීම සඳහා ආණ්ඩු­වක් වශ­යෙන් ගත යුතු ක්‍රියා­මාර්ග ගන්නවා” යැයි ද කීවේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT