හොරණ ශ්‍රී පාලි මණ්ඩපය කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය පීඨය ලෙස ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කෙරේ.
අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. ජනමාධ්‍ය අධ්‍යයන අංශය, භාෂා අධ්‍යයන අංශය, පරිගණක අධ්‍යයන අංශය හා ප්‍රාසාංගික කලා අධ්‍යයන අංශය ලෙස එහි අධ්‍යයනාංශ ගැසට් කර ඇත.
හොරණ, වෑවල ප්‍රදේශයේ 1996දී කොළඹ විශ්වවිද්‍යාලයීය බටහිර මණ්ඩපය ලෙස පිහිටුවන ලද මෙමඟින් ජනමාධ්‍ය සහ ප්‍රසංග කලා අධ්‍යයනයට අදාළ උපාධි සහ පශ්චාත් උපාධි පාඨමාලා මෙහෙයවනු ලැබිණි. පසුව මෙහි නාමය 1988දී විශ්වවිද්‍යාල පනත යටතේ කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපය ලෙස වෙනස් කළ අතර මෙතෙක් කලක් මණ්ඩපාධිපතිවරයකු යටතේ ක්‍රියාත්මක විය. ජනමාධ්‍ය, ප්‍රසංග කලා, පරිගණක හා භාෂා අධ්‍යයන දෙපාර්තමේන්තු වශයෙන් මෙහි ඉගැන්වීම් සිදු කළ අතර ජනමාධ්‍ය පීඨයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව මෙම දෙපාර්තමේන්තු අධ්‍යයනාංශ ලෙස ගැසට් කර තිබේ.