අබුඩාබි ටී10 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මහීෂ් තීක්ෂණ නියෝජනය කළ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් විය.
අබුඩාබියේ සෙයිඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති අවසන් තරගයේදී ඩෙකෑන් පිල හමුව් මොරිස්විල් සැම්ප් ආමි පිල කඩුලු 8කින් පරාජයට පත්විය.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් සැම්ප් පිල කඩුලු 7ක් දැවී ලකුණු 104ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය ඩෙකෑන් පිල ඕවර 6.5කදී ජය හිමි කර ගත්තේ කඩුලු 2ක් පමණක් දැවී තිබියදීය.
ටොම් කෝලර් කැඩ්මෝර් පන්දු 21කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමඟ ලකුණු 56ක් රැස් කරමින් ඩෙකෑන් ජය තහවුරු කළ අතර, නායක නිකොල්ස් පූරාන් පන්දු 10කින් ලකුණු 28ක් ඉනිමට එක් කළේය. පන්දු යැවීමේදී ඉසුරු උදාන කඩුල්ලක් දවා ගත්තේය.
සැම්ප් පිල වෙනුවෙන් ෆෆ් ඩු ප්ලෙසිස් ලකුණු 34ක් රැස් කළ අතර, චරිත් අසලංකගේ ඉනිම ලකුණු 13කට සීමා විය. පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ කඩුල්ලක් දවා ගත්තේය.