Home » මුලටියන ප්‍රාථමිකයේ විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පතිනියට උපහාර

මුලටියන ප්‍රාථමිකයේ විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පතිනියට උපහාර

by sachintha
December 4, 2024 1:17 am 0 comment

අගලවත්ත, මුලටියන ප්‍රාථමික විද්‍යාලයේ දී සේවයෙන් විශ්‍රාම ලැබූ පී.වී. සුමිත්‍රා ගුරුමිය වෙනුවෙන් උපහාර උත්සවයක් මතුගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා ප්‍රේමා විජේතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (02) අගලවත්ත රබර් පර්යේෂණාගාර සංචාරක බංගලාවේදී පැවැත්විණි.

එම පාසලේ වසර 14ක් සේවය කර ඇති ඇය විශ්‍රාම යන අවස්ථාවේ නියෝජ්‍ය විදුහල්පතිවරිය ලෙස කටයුතු කර ඇත. අගලවත්ත මුලටියන ප්‍රාථමික විද්‍යාලයේ ආදි සිසුන්, මවුපියන් සහ විශ්‍රාමලත් විදුහල්පති අජිත් කුලසූරිය මහතා විසින් මෙය සංවිධානය කරන ලදි.

මෙම උපහාර උත්සවයට සමගාමීව එම පාසලේ සේවා මාරු ලැබ ගිය සුභාෂිණී ගුණසිංහ, මේධානි සුලෝචනා, අනධ්‍යන කාර්ය මණ්ඩලයේ චමින්ද වැලිකල, ඉශානි ඉමල්කා යන මහත්ම මහත්මීන්ද මෙහිදී ඇගයීමට ලක් කරන ලදි.

මේ අවස්ථාව සඳහා මතුගම කලාප අධ්‍යාපන නියෝජ්‍ය අධ්‍යක්ෂ අනුෂ්කා කංකානම්ගේ මහත්මිය සහ අවට පාසැල්වල විදුහල්පතිවරු ඇතුළු ආචාර්යවරු පිරිසක් ද සහභාගි වූහ.

ඉත්තෑපාන සමූහ – ප්‍රේමතිලක පෙරමුණ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT