ජාතික ළමාරක්ෂක අධිකාරිය විසින් සංවිධානය කළ ÒසිතුවිලිÓ සිත්තම් ළමා චිත්‍ර පෝස්ටර් කාටූන් තරගාවලිය පසුගිය දින කිහිපයේ දී දිවයින පුරාම පැවැත්විණි. එහිදී කළුතර දිස්ත්‍රික්කයෙන් ජයග්‍රහණය කළ පාසල් දුවා දරුවන් හා විවෘත අංශයේ චිත්‍ර ශිල්පීන් සඳහා ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානෝත්සවය පෙරේදා (02) කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී කළුතර මහා දිසාපති ජනක කේ. ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
විශ්වවිද්‍යාලවල හා උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන දරුවන් කිහිප දෙනෙක් වෙනුවෙන් විවෘත අංශයෙන්ද පාසල් දුවා දරුවන් 27 දෙනෙක්ද මෙහිදී කළුතර මහා දිසාපති ජනක කේ. ගුණවර්ධන මහතාගේ අතින් සහතික පත්‍ර සහ තිළිණ ලබා ලබාගත්හ.
මෙම අවස්ථාවට කළුතර දිස්ත්‍රික් අතිරේක ලේකම් ශානික ත්‍රිමාණ්න, කළුතර අධ්‍යාපන කලාපයේ චිත්‍ර කලාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ ගුරු උපදේශිකා ලසිතා සංජීවනී පෙරේරා, ජාතික ළමාරක්ෂක අධිකාරියේ කළුතර දිස්ත්‍රික් මනෝ සමාජයීය නිලධාරි වින්ද්‍යා එදිරිසිංහ, ප්‍රාදේශීය ළමාරක්ෂක නිලධාරි සේනානි සිල්වා, දිස්ත්‍රික් ළමා හා කාන්තා කාර්යාංශයේ
මදූෂි ලක්මාලි ගමගේ සහ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි නිශාන්ත සිල්වා යන මහත්ම මහත්මීහු සම්බන්ධ වූහ
කළුතර මධ්‍යම විශේෂ