57
ජාතික ජන බලවේගයේ රාගම කොට්ඨාස සභාව, ජා-ඇළ ප්‍රාදේශීය සභාව, රාගම ග්‍රාම නිලධාරි කාර්යාලය, රාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, රාගම පොලිස් ස්ථානය සහ ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් රාගම නගරය පිරිසිදු කිරීමේ මහා ශ්‍රමදානය ‘කසළ පොළ’ පසුගියදා (01) පැවැත්විණි.
මේ අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ ඇමැති මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා ද සහභාගි විය.
එහිදී ඇමැතිවරයා ප්‍රකාශ කළේ රාගම නගරය පිරිසිදු කිරීමේ මේ වැඩසටහන කසළ ගැටලුවට තාවකාලික විසඳුමක් ලෙස පෙනී ගියත් මෙය ඉතා හොඳ ආරම්භයක් බවත්, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ පිරිසිදු ශ්‍රී ලංකාවක් සඳහා සදාකාලික පිළිතුරක් මෙරට ජනතාවට දෙන බවත්ය.
උපාලි කරුණාරත්න