Sunday, April 20, 2025
Home » දකුණු කොරියානු ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක්

දකුණු කොරියානු ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක්

by chanaka
December 4, 2024 7:31 pm 0 comment

වසර 50කට පමණ පසු ප්‍රථම වතාවට දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් ඊයේ (03) ආසියානු ප්‍රජාතන්ත්‍රවාදය තුළ යුධ නීතිය ප්‍රකාශයට පත් කර තිබුණි.

දකුණු කොරියානු ජනාධිපතිවරයා සිය දැඩි තීරණය රූපවාහිනිය තුළින් නිවේදනය කළ අතර “රාජ්‍ය විරෝධී බලවේග” සහ උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජනය ගැන ද ඔහු එහිදී සඳහන් කළේය.

කෙසේ වෙතත්, එයට විරෝධය දැක්වීම සඳහා දහස් ගණන් ජනතාව පාර්ලිමේන්තුවට රැස් කිරීමට පෙළඹවූ අතර අද අලුයම් කාලයේ රැස්වූ එරට පාර්ලිමේන්තුව ඒකමතිකව, හමුදා නීතියට එරෙහිව සිය ඡන්දය ප්‍රකාශ කිරීමට කටයුතු කර තිබේ.

ඊට මන්ත්‍රීවරුන් 190 දෙනෙකු ඇතුළත්ය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම තත්ත්වය තුළ ජනාධිපතිවරයාට සිය තීන්දුව හකුලා ගැනීමට සිදු වූ බවය.

මේ අතර, අද දහවල්, විපක්ෂය විසින් ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවේ සභාගත කර ඇත.

ඒ අනුව ඉදිරි පැය 72 තුළ, අදාල යෝජනාව විවාදයට ගෙන ඡන්ද විමසීමක් පැවැත්වෙනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දකුණු කොරියානු ජනාධිපතිවරයාගේ එම ක්‍රියා කලාපය මේ වනවිට ජාත්‍යන්තරයේ විවේචනයට ලක්ව තිබේ.

මේ අතර, ඉදිරි සතිවල සිදුවීමට නියමිතව තිබු ස්වීඩන අග්‍රාමාත්‍යවරයාගේ සහ හිටපු ජපාන අග්‍රාමාත්‍යවරයෙකුගේ නිල කොරියානු සංචාර අවලංගු කිරීමට ස්වීඩන සහ ජපන් බලධාරීන් පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

අමෙරිකාවේ ධවල මන්දිරය ද නිවේදනය නිකුත් කරමින් පැවසුවේ, දකුණු කොරියාවේ වත්මන් තත්ත්වය සමීපව නීරීක්ෂණය කරමින් සිටින බවය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT