Sunday, April 20, 2025
Home » මාසික ගෑස් මිල සංශෝධනය හෙට

මාසික ගෑස් මිල සංශෝධනය හෙට

by chanaka
December 3, 2024 11:09 am 0 comment

මාසික ගෑස් මිල සංශෝධනයට අනුව දෙසැම්බර් මාසයේ මිල සංශෝධනය හෙට (04) දිනයේ ප්‍රකාශයට පත්කරන බව ලිට්‍රෝ සමාගම පවසයි.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ලෝක වෙළදපළේ පවතින ගෑස් මිල හා සංසංදනය කර මෙවර ගෑස් මිල සංශෝධනය කිරීමට නියමිත බවයි.

මේ වන විට ලෝක වෙළදපළේ ගෑස් මිල ඉහළ ගොස් ඇති අතර ඒ අනුව මෙරට ගෑස් මිලෙහි ද වැඩිවීමක් සිදුවිය යුතු වුවත් ජනතාවට සහනයක් ලබාදීමේ අරමුණින් ගෑස් මිල ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාමට සාකච්ඡා සිදුවෙමින් පවතින බවද වාර්තාවේ.

ඒ සදහා වු යෝජනා මුදල් අමාත්‍යංශය වෙත යොමුකර තිබේ.

පසුගිය මාසයේ ද ගෑස් මිල සංශෝධනයක් සිදු නොවු අතර අවසන් වරට ගෑස් මිල සංශෝධනයක් සිදුවුයේ පසුගිය ඔක්තෝබර් මාසයේදී ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT