Home » සැමියා සමඟ උරණ වූ බිරිය ගිනි තබාගෙන

සැමියා සමඟ උරණ වූ බිරිය ගිනි තබාගෙන

by sachintha
December 3, 2024 1:00 am 0 comment

වවුනියාව සෙට්ටිකුලමේ පෙරියකුලම් ගම්මානයේ කාන්තාවක් සිය සැමියා සමඟ රණ්ඩුවීම නිසා භූමිතෙල් සිරුරට වත්කරගෙන ගිනි තබා ගෙන පෙරේදා (01) මියගොස් තිබේ.

වයස අවුරුදු 29ක මෙම කාන්තාව සිය සිරුරට භූමිතෙල් වත්කරගෙන ගිනි තබා ගැනීමෙන් පසුව ඇගේ ඇඳුම්වලට ගිනි ඇවිළී මහා ගිනි ජාලාවක් දැල් වී තිබූ බව අසල්වාසීන් පොලීසියට ප්‍රකාශකොට තිබේ. වහාම ඇයව සෙට්ටිකුලම රෝහලට අතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා වවුනියාව මහ රෝහල වෙත මාරු කරනු ලැබුවත් ඒ වන විටත් ඇය මියගොස් තිබේ.

සෙට්ටිකුලම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT