Monday, April 21, 2025
Home » අධිකරණයෙන් වරදකරු කළ පුත්‍රයාට ජනපති පියාගෙන් සමාව

අධිකරණයෙන් වරදකරු කළ පුත්‍රයාට ජනපති පියාගෙන් සමාව

by sachintha
December 3, 2024 1:10 am 0 comment

නීතිවිරෝධීව ගිනි අවියක් ළඟ තබා ගැනීම සහ ආදායම් බදු වංචා නඩුවක් සම්බන්ධව මේ මාසයේදී අධිකරණ තීන්දුවට මුහුණදීමට නියමිත හන්ටර් බයිඩ්න්ට කොන්දේසි විරහිතව ජනාධිපති සමාව ලබාදීමට ඔහුගේ පියා වන ජනාධිපති ජෝ බයිඩ්න් පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සිය පුත්‍රයාට එරෙහිව සිදු කරන අධිකරණ ක්‍රියාමාර්ගවලට එරෙහිව ජනාධිපති බලතල භාවිත නොකරන බව ජෝ බයිඩ්න් මීට පෙර ප්‍රකාශ කර තිබූ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. අමෙරිකාවේ අධිකරණ ක්‍රියාවලිය විශ්වාස කළ ද, එම ක්‍රියාවලියට දේශපාලන බලපෑම් එල්ලවීමෙන් යුක්තිය ඉටු වීම ගැටලුසහගත බව අධිකරණයේ වරදකරු වූ සිය පුත්‍රයාට ජනාධිපති සමාව පිරිනැමීම සම්බන්ධව ඔහු ප්‍රකාශයක් ද නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

ලබන මස ජනාධිපති ධුරයෙන් නික්ම යෑමට නියමිත ජෝ බයිඩ්න් ගත් මේ ක්‍රියාමාර්ගය යුක්තියට අභියෝග කිරීමක් සහ බලතල අවභාවිත කිරීමක් ලෙස නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ. ආදායම් බදු වංචා කිරීමේ නඩුවකින් පසුගිය සැප්තැම්බරයේදී හන්ටර් බයිඩ්න් වරදකරු වූ අතර, නීතිවිරෝධී ගිනි අවියක් ළඟ තබා ගැනීමේ නඩුවකින් වරදකරු වී ඇත්තේ පසුගිය ජූනි මාසයේදී බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බලයේ සිටින ජනාධිපතිවරයකුගේ පුත්‍රයකු අපරාධ නඩුවකට වරදකරු වී ඇත්තේ අමෙරිකානු ඉතිහාසයේ පළමුවරටය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT