Home » නිල් ආර්ථිකය පුළුල් කිරීමට නව වැඩපිළිවෙලක්

නිල් ආර්ථිකය පුළුල් කිරීමට නව වැඩපිළිවෙලක්

by sachintha
December 3, 2024 1:08 am 0 comment

ශ්‍රී ලංකාව සමුද්‍ර ආශ්‍රිත කර්මාන්ත සඳහා ප්‍රයෝජනයට නොගත් විශාල සම්පත් ප්‍රමාණයක් පවතින බවත් කිලෝමීටර් 1,340ක වෙරළ තීරයක් මෙන්ම සමුද්‍රීය සම්පත් නිසි කළමනාකරණයකින් ආර්ථිකයට විසල් දායකත්වයක් දියහැකි බවත් පසුගියදා පැවති Voyage Sri Lanka 2024 සමුළු වෙහිදී අනාවරණය විය.

“භූගෝලීය පිහිටීමේ වාසිය අත්කරගත යුතු බවත් යාත්‍රා කුලියට දීම, බෝට්ටු සවාරි සැලසුම් කිරීම, තල්මසුන් නැරඹීම ආදී සංචාරක කර්මාන්තයට අයත් කර්මන්ත හා මුහුදු ආශ්‍රිත ක්‍රියාකාරකම් බොහොමයක් පවතින බව මෙරට සමුද්‍ර කර්මාන්ත මණ්ඩලයේ සභාපති කෞෂාල් රාජපක්ෂ Voyage Sri Lanka සමුළුව අමතමින් පැවසීය.

මෙරට වෙරළ ආශ්‍රිත ව්‍යවසායන් පිළිබඳව සැලකිළිමත් වීමේදී. වසර පුරාම ක්‍රියාකාරකම්ව නිරත විය හැකි වෙරළ තීරය, තාක්‍ෂණික ක්‍රමෝපායන් ඔස්සේ සේවා පුළුල් කිරීම, බෝට්ටු නිෂ්පාදනය වැනි ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් ඇති අත්දැකීම් තවදුරටත් පුළුල් කළ හැකි බව ඒ මහතා තවදුරටත් පැවසීය.

දිගු වෙරළ තීරයක් තිබියදීත් සංචාරක බෝට්ටු නිෂ්පාදනය කරන දේශීය නිෂ්පාදකයින් තිබියදීත් මෙම අංශය දියුණු කරීම තවමත් ප්‍රමාද වී තිබීම කනගාටුවට හේතුවක් බවත් 2027 වන විට කොළඹ වරාය නගරයෙහි ‘මෙගා මරීනා’ ඇතිකිරීමට අපේක්ෂා කරන බවත් රට වටා ධීවර වරායන් 21ක් තවදුරටත් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ කඩිනමින් අරඹන බවත් ඒ මහතා තවදුරටත් අවධාරණය කළේය. මෙම සමුළුව සඳහා සමුද්‍රීය කර්මාන්තයට අයත් පාර්ශ්ව මෙන්ම රසමුද්‍රිය කර්මාන්තයට සම්බන්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පාර්ෂවයන් නියෝජනය කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT