Home » ලෝකයේම විවාහක රැජිනියන් අතර දෙවැනි තැන ලංකාවේ ශෙහානිට

ලෝකයේම විවාහක රැජිනියන් අතර දෙවැනි තැන ලංකාවේ ශෙහානිට

by chanaka
December 3, 2024 12:33 pm 0 comment

පිලිපීනයේ පැවැති ‘Women of the World 2024‘ විවාහක ලෝක රූ රැජින තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ ශෙහානි උමල්ශා එම තරගාවලියේ දෙවැනි ස්ථානය ලබා ගැනීමට සමත්වේ.

තරගාවලිය මෙවර පැවැතියේ 05වැනි වරටය.

නොවැම්බර් මස 16වැනිදා සිට 24 වැනිදා දක්වා පැවැති තරගාවලියට ජපානය, නවසීලන්තය, පිලිපීනය, මැලේසියාව, ඩුබායි, සිංගප්පූරුව, තායිවානය ඇතුළු රටවල් 25ක් නියෝජනය කරමින් තරගකාරියන් සහභාගී විය.

දෙවැනි වටය සදහා රටවල් 10ක් තෝරාගෙන තිබුණි. එහිදී පළමු ස්ථානය ලබා ගත්තේ ඩුබායි රාජ්‍ය විසිනි. දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවට ද තෙවැනි ස්ථානය නවසීලන්තයටද හිමිව ඇත.

‘Women of the World 2024‘තරගාවිලියේ ශ්‍රී ලංකා අධ්‍යක්‍ෂ මයුමි ශ්‍රීමාලි 2017 වසරේ සිට මෙවැනි ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් ශ්‍රී ලංකාවට අත්කර දීමට කටයුතු කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT