Home » හද සසල කළ හලාවත වෙරළේ සුනඛ දසුනක් – සුනඛයාගේ මුඛයේ කුඩා දරුවකුගේ පාදයක්

හද සසල කළ හලාවත වෙරළේ සුනඛ දසුනක් – සුනඛයාගේ මුඛයේ කුඩා දරුවකුගේ පාදයක්

by yasara
December 3, 2024 11:36 am 0 comment

සුනඛයකු ඩැහැගෙන යමින් තිබු බිළිදකුගේ පාදයක් දැඩි පරිශ්‍රමයකින් ලබා ගෙන එය හලාවත පොලිසියට ලබා දීමට පිරිසක් ඊයේ ( 2 ) සවස කටයුතු කර ඇති බව හලාවත මූලස්ථාන පොලිසිය කියයි.

බිළිදකුට අයත් බව කියන මෙම පාදය මෙලෙස හමුව ඇත්තේ හලාවත වෙරළ තිරයෙ ඉරණවිල මාර්ගයෙ පිහිටි සංචාරක හෝටලක් ඉදිරිපිට කැළැ සහිත ස්ථානයක තිබි බව පැවැසෙයි.

එම ස්ථානයට නුදුරින් සිටි පිරිසක් සුනඛයකු කිසියම් දෙයක් ඇදගෙන යනු දැක විපරම් කර ඇති බවත් එය කුඩා දරුවකුගේ බවට සැක හැර දැන ගැනිමෙන් පසු දැඩි පරිශ්‍රමයක් දරා සුනඛයා එළවා දමා මෙම පාදය පිළිබදව පොලිසිය දැනුවත් කර ඇති බව කියයි.

කෙසේ වෙතත් මෙම බිළිදු පාදය මෙසේ මෙම ස්ථානයෙ තිබිමට කිසිදු හේතුවක් නොමැති බවත් එය කෙසේ මෙම ස්ථානයට පැමිනියාද යන්න හලාවත මූලස්ථාන පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබේ.

කෙසේ වෙතත් පොලිසිය සැක කරන්නේ මෙය අලුත උපන් බිළිදකුගේ බවයි .ඒ හේතුවෙන් මෙම පාදයට අයත් බිළිද සිරුරේ කොටස් සතුන් කා දමා හෝ වෙනත් තැනක දමා ඇති බවටද පොලිසිය සැක කරයි.

අදාළ පාදය පරික්ෂණ සදහා පොලිසිය හලාවත මහ රෝහලට ඉදිරිපත් කර ඇති බව කියයි.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT