Monday, April 21, 2025
Home » ලංකාවේ අලුත් රජය එක්ක සාකච්ඡාවකට එන අමෙරිකාවේ ලොක්කා

ලංකාවේ අලුත් රජය එක්ක සාකච්ඡාවකට එන අමෙරිකාවේ ලොක්කා

by chanaka
December 3, 2024 11:32 am 0 comment

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම කටයුතු කාර්යංශයේ සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ මහතා ශ්‍රී ලංකාවේ නිල චාරිකාවක නිරත වීමට නියමිතව ඇතැයි කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

ඉන්දියාව සහ නේපාලයේ චාරිකාවක නිරත වන අතරතුර ඔහු මෙරටට පැමිණීමට නියමිතව තිබේ.

ඒ අනුව ඩොනල්ඩ් ලූ මහතා අනිද්දා (05) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

කාලාපීය සමෘද්ධිය සහ ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම සදහා දකුණු ආසියාවේ ප්‍රධාන හවුල්කරුවන් සමග සහයෝගිතාව ශක්තිමත් කිරීම ඩොනල්ඩ් ලූ මහතාගේ මෙම චාරිකාවේ අරමුණ වී තිබේ.

මෙම සංචාරය තුළ ශ්‍රී ලංකාවේ නව රජයේ ප්‍රධානීන් සමග ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) නියෝජ්‍ය සහකාර පරිපාලක අංජලී කෞර් සහ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කප්‍රෝත් ශ්‍රී ලංකාවේ නව පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ සිවිල් සමාජයේ නියෝජිතයන් හමුවීමට ඔහු සමඟ පැමිණෙනු ඇත.

ඉන්දීය සංචාරයෙන් අනතුරුව මෙරටට පැමිණෙන ඩොනල්ඩ් ලූ මහතා අනතුරුව නේපාලයේ ද සංචාරය කිරීමට නියමිතව තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT