Monday, April 21, 2025
Home » සුරාබදු ගෙවීම් පැහැර හැර ඇති සමාගම් ගැන දැඩි තීරණයක්

සුරාබදු ගෙවීම් පැහැර හැර ඇති සමාගම් ගැන දැඩි තීරණයක්

by chanaka
December 3, 2024 11:17 am 0 comment

සුරාබදු ආඥා පනතට අනුව සුරාබදු ගෙවීම් තවදුරටත් පැහැර හරින සමාගම්වල නිෂ්පාදන කටයුතු අත්හිටුවීමටත් නිෂ්පාදන බලපත්‍ර ඊලඟ වර්ෂය සඳහා දීර්ඝ නොකිරීමටත් පියවර ගන්නා බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත්තේ මෙම වර්ෂයට අදාළ ව මත්පැන් නිෂ්පාදන සමාගම් 23ක් සඳහා නිෂ්පාදන බලපත්‍ර නිකුත් කර ඇති බවය.

සුරාබදු නොගෙවූ සමාගම්වලට හිඟ බදු ගෙවීම සඳහා නොවැම්බර් මස 30 වන දින දක්වා කාලය ලබාදී තිබු අතර සමාගම් තුනක් හැර අනෙක් සියලු සමාගම් මත්පැන් බලපත්‍රවලට අදාළ හිඟ සුරාබදු ගෙවා ඇති බව සඳහන් වේ.

ඒ අනුව වැලිසර ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම, කුරුණෑගල රෝයල් සිලෝන් ඩිස්ටලරීස් පුද්ගලික සමාගම සහ මීගොඩ මැකලම් බෘවරි සමාගම යන සමාගම් බදු මුදල් නොගෙවා ඇති බැවින් එම සමාගම්වලට එරෙහිව අධිකරණ ක්‍රියාවලියකට යොමුවී ඇති බවද සුරාබදු දෙපාර්තමේන්තුව පැවසීය.

අදාළ නඩු තීන්දුවලට අනුව එම සමාගම් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට ද නියමිතය.

සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ දැනට ක්‍රියාත්මක නොවන ලුණුවිල ග්ලෝ බ්ලෙන්ඩර්ස්, වයඹ ස්ප්‍රීතු සමාගම සහ පයාගල සමූපකාර මත්පැන් නිෂ්පාදනාගාරවලට අදාළ සමාගම් සම්බන්ධ අයිතිය තහවුරු කර ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති අතර ඉන්පසු එම සමාගම්වලට අදාළ හිග බදු අයකර ගැනීම සඳහා පියවර ගන්නා බවය.

ඊට අමතරව උතුරු පළාතේ වංකානේ පිහිටි වලිකාමම් මත්පැන් නිෂ්පාදනාගාරයට අදාළ හිග සුරාබදු ගෙවන තෙක් මත්පැන් නිෂ්පාදන කටයුතු අත්හිටුවීමට ද පියවර ගෙන තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT