Wednesday, April 23, 2025
Home » දර්ගා නගරයේ පාසල් වත්තේ පලතුරු පැළ සිටුවන්න ජර්මනියෙන් ආ සංචාරකයොත් එක්වී

දර්ගා නගරයේ පාසල් වත්තේ පලතුරු පැළ සිටුවන්න ජර්මනියෙන් ආ සංචාරකයොත් එක්වී

by sachintha
December 2, 2024 1:57 am 0 comment

වසරක් පුරා ජර්මනියේ සිට අලුත්ගම පුරවරයට පැමිණ පොදු සේවයට කැපවෙන ජර්මනියේ ආයුබෝවන් ශ්‍රී ලංකා සංවිධානයේ කොනි තිල්මාන් මහත්මිය ප්‍රමුඛ සංචාරක කණ්ඩායම ඉකුත් 28 වැනි දින දර්ගා නගරයේ ශ්‍රී ඥානීස්සර මහා විද්‍යාලයේ සත්කාරක වැඩසටහනක් නිරීක්ෂණයට පැමිණ අනතුරුව සිසු දරු දැරියන් සමඟ පාසල් පරිශ්‍රයේ පලතුරු පැළ රෝපණ වැඩසටහනකටද එක්වූහ.

පාසලේ පරිසර නියමු සිසු කණ්ඩායම භාර ගුරුවරිය සමඟ එක්ව මෙම පලතුරු පැළ රෝපණය කිරීමේ වැඩසටහනට ජර්මන් ජාතික සංචාරකයන්ද සහභාගී විය.

මෙම සංචාරකයන්ගේ මෙරට සම්බන්ධීකාරක පරිසරවේදී අනුර ද සිල්වා මහතා මෙහිදී පරිසර නියමු සිසු දරුදැරියන්ට නිවැරදිව පැළ රෝපණය කරන ආකාරයද කියා දුන්නේය. මෙම අවස්ථාවට විදුහල්පති සුනිල් ශාන්ත, නියෝජ්‍ය විදුහල්පතිනි චමිලා ආරියසිංහ, පරිසර නියමු සිසු කණ්ඩායම, කණ්ඩායම් භාර ආචාර්ය සුජීවා නිරෝෂණී ගුණසේකර, තේජා සමරසේකර, ප්‍රසන්න සංජීව යන මහත්ම මහත්මීන් ඇතුළු සිසු දරු දැරියෝ එක් වී සිටියහ.

අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT