66
ලෝක HIV දිනය නිමිත්තෙන් ඊයේ (01) කළුතර බන්ධනාගාර නිලධාරීන් සිරකරුවන් සමඟ එක්ව විශේෂ පා ගමනක් සංවිධානය කර තිබුණි.
එම බන්ධනාගාරයේ අධිකාරි වසන්ත කුමාර ඩෙෆ් මහතාගේ මූලිකත්වයෙන් මෙය සංවිධානය කර තිබූ අතර, සර්ව ආගමික ආශීර්වාදයෙන් අනතුරුව කළුතර ඓතිහාසික බෝධීන් වහන්සේ අසලින් ඇරඹි පා ගමන කළුතර හොලික්‍රෝස් වටරවුම දක්වා ගමන් කර නැවත නගරයට පැමිණෙන ලදී.
සර්ව ආගමික නියෝජිතයන්, ශ්‍රී ලංකා පොලීසිය, දහම් පාසල් සිසු දරු දැරියන් ඇතුළු පිරිසක්ද පා ගමනට එක්වූහ.
පොතුපිටිය – සුමිත් ප්‍රේමතිලක