කළුතර ගල්ලස්හේන මාතෘ හා ළමා රෝහලේ මේ වන විට පූර්ව ප්‍රසව වාට්ටුව, (නොමේරූ ළදරු ඒකකය) නාරිවේද වාට්ටුව, පසු ප්‍රසව වාට්ටුව ඇතුළු අති නවීන පහසුකම් සහිත දැඩිසත්කාර ඒකකය සහ තවත් අංශ කිහිපයක් මේ වන විට රෝහලේ ක්‍රියාත්මක නොවෙන අතර ලෝකයේ දැනට පවතින කෝටි ගණනක අති නවීන උපකරණ වසර 8ක් තිස්සේ දූවිලි වැදෙමින් පවතී.
ලංකාවේ මේ වන විට ඇති නවීනතම පහසුකම් සහිත දැඩිසත්කාර ඒකක පිහිටා ඇත්තේ නුවර, ගාල්ල රෝහල් හැර ගල්ලස්හේන මාතෘ හා ළමා රෝහලේ පමණක් වන අතර එම ඒකකයද වසා ඇත. හදිසි ප්‍රතිකාර ඒකකයේ මූලික පහසුකම් හැරෙන්නට අනෙකුත් පහසුකම් නොමැති වීම රෝගීන් තවත් අසරණ තත්ත්වයට ඇද දමා ඇත.
මීට වසර අටකට පමණ පෙර එනම් 2016 මැයි මස 29 වැනි දින නෙදර්ලන්ත ආධාර යටතේ ඉදිකර විවෘත කරනු ලැබූ රෝහලට නාගොඩ රෝහලේ තිබූ ළමා වාට්ටුව රැගෙන ආවත් හදිසි ප්‍රතිකාර ඒකකය මෙම රෝහල වෙත සම්පූර්ණයෙන්ම මාරු කර නැත. හදිසි ප්‍රතිකාර කර ගැනීමට පැමිණෙන ළමා රෝගීන් මහත් අපහසුතාවට පත් වී ඇත. අවස්ථා කිහිපයකදී නාගොඩ ශික්ෂණ රෝහල වෙත උපකරණ කිහිපයක් වරින් වර මෙම රෝහලෙන් ගලවාගෙන ගොස් ඇති බවද ආරංචි මාර්ග පවසයි.
දිගින් දිගටම මෙම රෝහලේ රෝග නිරීක්ෂණය සඳහා අති නවීන වෛද්‍ය උපකරණ නාගොඩ රෝහල වෙත ගෙන යාමෙන් මෙම තත්ත්වය තවත් වර්ධනය වී ඇති බව රෝගීන් පෙන්වා දෙයි. ළමා රෝහලට ඇතුළත් වන රෝගී දරුවකු හදිස්සි ප්‍රතිකාර සඳහා නැවත නාගොඩ රෝහලට රැගෙන යාමටද සිදුවී ඇත.
මේ වන විට විශාලම ගැටලුව වී ඇත්තේ රෝහල තුළ අවශ්‍ය වෛද්‍යවරු සිටියත් පහසුකම් නොමැතිවීමයි. බාහිර රෝගී අංශයේ එකවර රෝගීන් 400කට ආසන්න ප්‍රමාණයකට අසුන් ගැනීමට හැකි පහසුකම් ඇතත් බාහිර රෝගී අංශයට ළමා රෝග වෛද්‍යවරු නොමැතිවීමෙන් රෝගීන් මෙම රෝහලට පැමිණීමට මැළිකමක් දක්වන්නේ රෝගීන්ට රස්තියාදුවීමට සිදුවන නිසාය. නවීන වැසිකිළි පද්ධතියක් ඇතත් මේ වන විට ඉන් කිහිපයක් කැඩී ගොස් ඇත. වැසිකිළි දෙකක භාණ්ඩ අසුරා ඇත. පිරිසුදුකම අතින් තවමත් ඉහළ තත්ත්වයක පවත්වාගෙන යාම සැමදෙනාගේම සතුටට ඇති එකම කරුණයි.
මෙම රෝහලේ සේවය කෙරෙන හෙද නිලධාරිනියන් සහා කනිෂ්ඨ කාර්ය මණ්ඩල වෙත ප්‍රවාහන පහසුකම් නියමිත පරිදි ලබාදීමට එකඟතාවය පළ කර තිබුණත් රෝගීන් බැලීමට ඇති වේලාවන් තුළදීවත් පොදු බස් රථ
ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ත්‍රිරෝද රථ සඳහා විශාල මුදලක් ගෙවීමට ඔවුන්ට සහා ප්‍රතිකාර ගැනීමට
පැමිණෙන රෝගීන්ට සිදුවී ඇති අතර ඒ පිළිබඳව ඔවුහු කනස්සල්ලෙන්
පසුවෙති.
සෞඛ්‍ය ඇමැතිතුමනි ඔබ
දිස්ත්‍රික්කයේ ඇති මිල කළ නොහැකි අති නවීන පහසුකම්වලින් යුත් ගල්ලස්හේන මාතෘ හා ළමා රෝහලේ ඇතිවී ඇති ගැටලු පිළිබඳ ප්‍රායෝගික
අධ්‍යනයක් සිදුකොට අවශ්‍ය පහසුකම් ලබාදී රෝගීන්ට සහා සේවක මහත්ම මහත්මීන්ටත් වන අපහසුතාවත් මඟ හරවා මෙම වටිනා සම්පතෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට ඔබතුමාගේ ප්‍රමුඛ අවධානය යොමු වේවා.
ගල්පාත සමූහ – චන්දන ජයලාල්