2024 සමස්ත ලංකා විවෘත කරාතේ තරගාවලිය පසුගියදා කෑගල්ල නගර සභා ශාලාවේ දී පැවැත්වුණු අතර එම තරගාවලියේ දී හොරණ තක්ෂිලා කුළුපණ කනිෂ්ඨ විද්‍යාලයේ කරාතේ ක්‍රීඩා කණ්ඩායම රන්, රිදී හා ලෝකඩ පදක්කම් රාශියක් දිනා ගනිමින් විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගැනීමට සමත් විය. මෙහිදී රනුකි සෙහස්නා රන් සම්මාන දෙකක් ද, යෙනුලි රහුල්නයා හා ටියුදි උමායා රිදී පදක්කම බැගින් ද හිමි කරගත් අතර සසන්‍යා මිහේලි ලෝකඩ පදක්කමක් හිමි කරගත්තා ය. එමෙන්ම මහේදී විහාරා, ටියානා මොවින්දි, මොවිදු අන්සර හා විදුල් දම්සර යන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ලෝකඩ පදක්කම බැගින් හිමිකර ගැනීමට සමත් වූහ. විදුහල්පතිනී හේමා කුමාරි හපුආරච්චි මහත්මියගේ මඟපෙන්වීම යටතේ ලංකා නිහෝන් කරාතේ සංගමයේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන උපදේශක ශිහාන් සුනිල් හඳපාන්ගොඩ මහතාගේ මෙහෙයවීමෙන්, කරාතේ උපදේශක සෙන්සේ සුසන්ත බණ්ඩාර, කරාතේ ක්‍රීඩා භාර ආචාර්ය දීප්ති රඹුක්කන, කරාතේ උපදේශක තුෂාර චාමින්ද යන මහත්ම මහත්මීන් යටතේ මෙම සිසුහු පුහුණුව ලැබූහ.
හල්තොට සමූහ – විනීතා මානෙල් ගමගේ