කැලණිය, පෙතියාගොඩ ප්‍රදේශයේ ආනයනික රසායනික ද්‍රව්‍ය සපයන ආයතනයක ගබඩාවක් පරීක්ෂා කිරීමේ දී විකිණීම සඳහා සූදානම් කර තිබූ කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට හැකි වූ බව ගම්පහ දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. මෙම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයට විරුද්ධව දෙසැම්බර් 9 වැනිදා මහර අධිකරණයේ නඩු පැවරීමට කටයුතු යොදා ඇත.
ඉදිරි උත්සව සමය ඉලක්ක කර ගනිමින් වෙළෙඳසල්, ගබඩා හා නිෂ්පාදන ආයතන සම්බන්ධයෙන් වැටලීම් හා පරීක්ෂා කිරීමේ කටයුතු සිදු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි. මෙහිදී කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය මෙන්ම කල් ඉකුත් වන දින, නිෂ්පාදිත දින ඇතුළු විස්තර අඩංගු නොවන රසායන ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට ගම්පහ දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීහු සමත් වූහ.
මෙම රසායනික ද්‍රව්‍ය රජයේ ප්‍රධාන ආයතන මෙන්ම විශ්වවිද්‍යාල සඳහා සැපයීමට සූදානම් කර තිබූ බව පාරිභෝගික අධිකාරිය පවසයි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධානියාගේ උපදෙස් පරිදි එම කාර්යාලයේ විමර්ශන නිලධාරීහු මෙම වැටලීමට එක් වූහ.
ගම්පහ දිස්ත්‍රික් විශේෂ – සිසිල ගුණතිලක