මිරිස්ස පොල්අතුමෝදර ගඟ හරහා ඉදිකර ඇති කඩේවත්ත පාලම තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්, නාවික හමුදාව විසින් පසුගිය 29 වැනිදා ක්‍රියාත්මක කර තිබිණි.
දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය මත ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන්, පොල්අතුමෝදර ගඟෙහි ජල මට්ටම ඉහළ යාමත් සමඟ ජල පහරට හසුව ගසාගෙන එනු ලබන කැළි කසළ, දැව කඳන් සහ උණ පඳුරු ඇතුළු අපද්‍රව්‍ය කඩේවත්ත පාලම තුළ සිරවී ජලය ක්‍රමවත්ව බැස යාම අවහිර වී ඇති බව මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය මඟින් සිදුකළ දැනුම්දීමකට අනුව දකුණු නාවික විධානයට අයත් විශේෂ කණ්ඩායමක් ඒ සඳහා යෙදවීමට නාවික හමුදාව කටයුතු කෙරිණි.
ඒ අනුව දකුණු නාවික විධානයට අනුයුක්ත කිමිදුම්, ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බළගණය, වෛද්‍ය අංශය සහ විධාන වරාය ආරක්‍ෂක අංශයේ නාවිකයින්ගෙන් සැදුම්ලත් විශේෂ කණ්ඩායමක් මඟින් පොල්අතුමෝදර ගඟ හරහා ඉදි කර ඇති කඩේවත්ත පාලම තුළ සිදුකළ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුම තුළින් එම ප්‍රදේශය ආශ්‍රිතව ඇතිවිය හැකිව තිබූ ගංවතුර අවදානම වැළැක්වීමට නාවික හමුදාවට හැකි විය.
දකුණු පළාත් සංචාරක – එස්. දීයගහගේ