Home » කවුරුත් ගන්නේ නැතිව දුක් විඳින කෙසෙල්

කවුරුත් ගන්නේ නැතිව දුක් විඳින කෙසෙල්

by sachintha
December 2, 2024 1:22 am 0 comment

තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ කෙසෙල් කැන් අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ විකුණාගත නොහැකිව තැන් තැන්වල ගොඩ ගසා තිබේ.

පසුගිය කාලයේදී අධික මිලකට විකිණුනු කෙසෙල් අයහපත් කාලගුණයත් සමඟ මේ දිනවලින් විකුණා ගත නොහැකිව ගොඩගසා ඇති බව ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙන්දෝ පවසති.

පසුගිය දිනවල රුපියල් සියයටත් වැඩියෙන් විකුණුනු ඇඹුල් කෙසෙල් කිලෝවක් රුපියල් තිහකටවත් මේ දිනවල විකුණා ගත නොහැකි වී ඇතැයි ද ඔවුහු පවසති.

මේ හේතුවෙන් තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය තුළ කෙසෙල් තැන් තැන්වල ගොඩගසා තිබෙනු දක්නට ඇත.

තලාව සමූහ බී.ඩබ්.ඩී. ධර්මකීර්ති

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT