Home » වතුර බැස ගිය සෝමාවතිය…

වතුර බැස ගිය සෝමාවතිය…

by sachintha
December 2, 2024 1:21 am 0 comment

ඓතිහාසික සෝමාවතිය පුදබිමේ ජලය බැස යාමත් සමඟ එම අවට පරිසරය පවිත්‍ර කිරීම ඊයේ (01) උදෑසන සිදුවිණි. පැවැති අයහපත් කාලගුණ තත්ත්වය සමඟ ඓතිහාසික සෝමාවතී පුදබිම අඩි පහකට ආසන්න ප්‍රමාණයකින් දින ගණනාවක් ජලයෙන් යටවී තිබුණද පෙරේදා (30) සවස් වන විට ජලය බස යෑමත් සමඟ එම පුදබිම පවිත්‍රතා කිරීම ආරම්භ කරන ලදි. සෝමාවතී චෛත්‍යය මාර්ගය ජලය යටවී පැවතීම නිසා චෛත්‍යය වන්දනා කිරීම සඳහා බැතිමත් ජනතාවට තවමත් එහි පැමිණිය නොහැකි බව විහාරවාසී භික්ෂූන්වහන්සේලා පැවසූ අතර, තවත් දින දෙක තුනක් පමණ ගතවන තුරු වන්දනා කිරීම සඳහා නොපැමි‍ෙණන ලෙස ද උන්වහන්සේලා බෞද්ධ ජනතාවගෙන් ඉල්ලීමක් කරති.

ඇලහැර – සරත් වෙලගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT