29
ඉකුත් දිනවල පොලොන්නරුව දිස්ත්රික්කයට බලපා තිබූ දැඩි අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ගංවතුරට හසුව කැලයේ අතරමං වී සිටි අලි පැටවකු මැදිරිගිරිය කුමුදුපුර මහතලාකොළවැව ප්රදේශයේ ගෙවත්තක දී ඊයේ (01) උදෑසන හමුවී ඇතැයි මැදිරිගිරිය පොලීසිය පවසයි. වයස මාස හයක් පමණ වන මෙම අලි පැටවා දැනට මැදිරිගිරිය කුමුදුපුර මහතලාකොළවැව අංක 236 දරන නිෙවසේ පදිංචි මහින්ද රත්න මහතාගේ ගෙවත්තේ ගසක ගැට ගසා ඇත. අලි පැටියාගේ ශරීරය පුරා තුවාල දක්නට ලැබෙන අතර වනජීවී නිලධාරීන්ට අලියා පිළිබඳව දැනුම් දුන් බව නිවෙස් හිමියා පැවසීය.
මින්නේරිය සමූහ – සුසිල් කරුණාතිලක සහ පොලොන්නරුව – එම්. පී. සරත්