Home » හක්කපටස් කෑ අලි පැටියා කුඹුරුයාය ඉස්මත්තේ දී මියයයි

හක්කපටස් කෑ අලි පැටියා කුඹුරුයාය ඉස්මත්තේ දී මියයයි

by sachintha
December 2, 2024 2:17 am 0 comment

හක්කපටස් කෑම හේතුවෙන් සියඹලාගස්වැව ප්‍රදේශයේ කුඹුරුයායකට ආසන්නව අලි පැටියකු මරණයට පත්ව සිටියදී පෙරේදා (30) සවස සොයාගත් බව වනජීවී නිලධාරීහු පැවසූහ.

හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 119 ඉහළ අඟුනොච්චිය ග්‍රාම සේවා වසමේ සියඹලාගස්වැව ගම්මානයේ කුඹුරුයාය ආසන්නයෙන් ගමන් ගනිමින් සිටි ගොවි මහතකු වැටී සිටි අලිපැටවා දැක වනජීවී නිලධාරීන් දැනුම්වත් කර ඇතැයි වාර්තා වෙයි. එම අලි පැටවා හක්කපටස් කෑමෙන් මුඛය දැඩි ලෙස තුවාල වී වේදනාව ඉවසාගැනීමට නොහැකිව මඩෙහි මුඛය ගසාගෙන සිටියදීම අධික ලෙස ලේ පිටව යාම හේතුවෙන් මිය ගොස් ඇති බව වනජීවී නිලධාරියෙක් පැවැසීය.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 3ත් – 4ත් අතර උස අඩි 5ක් පමණ අලි පැටවෙකි.

කැබතිගොල්ලෑව සමූහ – එස්. ජී. උබේපාල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT