Home » වන අලියකු පහර දීමෙන් ලුතිනන් කමාන්ඩර් ජයකොඩි මරුට

වන අලියකු පහර දීමෙන් ලුතිනන් කමාන්ඩර් ජයකොඩි මරුට

by sachintha
December 2, 2024 1:12 am 0 comment

 

පූනෑව නාවික හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරි කළ ලුතිනන් කමාන්ඩර්වරයකුට වන අලියකු පහර දීමෙන් මරණයට පත්ව ඇතැයි පූනෑව පොලීසිය කියයි. මෙලෙස අවාසනාවන්ත ලෙසින් මරණයට පත්ව ඇත්තේ පූනෑව නාවික හමුදා කඳවුරේ ප්‍රවාහන අංශය භාරව කටයුතු කළ ජේ.ඒ.එම්.සී. ජයකොඩි නමැති නිට්ටඹුව, මාතලාන ප්‍රදේශයේ පදිංචිය 41 හැවිරිදි දෙදරු පියෙකි.

මෙම නිලධාරියා එදින රාත්‍රී 9.30ට පමණ එම කඳවුර ආසන්නයේ ඇති වෙළෙඳසලකට ගොස් රාත්‍රී ආහාර පාර්සලයක් රැගෙන එමින් සිටියදී මේ අවාසනාවන්ත සිදුවීමට මුහුණදී ඇතැයි පොලීසිය කියයි.

මේ වන විට මරණයට පත් ජයකොඩි මහතාගේ දේහය ගම්පහ නිට්ටඹුව ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවෙසට යවා ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.

කැබිතිගොල්ලෑව සමූහ – එස්. ජී. උබේපාල, අනුරාධපුර සමූහ – පර්සි කුරුනේරු සහ උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT