දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඇති වී තිබෙන ගංවතුර තත්ත්වය මත පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහා අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වෙත අනුයුක්ත කෙරුණු ගංවතුර ආපදා සහන කණ්ඩායම් ඊයේ දිනයේදීත් (01) ආපදා සහන මෙහෙයුම් අඛණ්ඩව සිදු කරමින් සිටින බව නාවික හමුදාව පවසයි.
ඒ අනුව අධික වර්ෂාපතනය හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පරාක්‍රමපුර (මාඔය), බුද්දන්ගල (වැලි ඇළ) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මයිලපන්චේනි, සාෆිනගර්, මුත්තුච්චෙන්නායි (තුවක්කුව හන්දිය) යන ප්‍රදේශයන්හි ඇති වී තිබෙන ගංවතුර තත්ත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා අනුයුක්ත කර ඇති නාවික හමුදා සහන කණ්ඩායම් හයක් ජනතාවගේ දෛනික කටයුතු සිදු කර ගැනීම සඳහා ඩිංගි යාත්‍රා මඟින් අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැලසීම, පිසූ ආහාර බෙදා දීම සහ ගංවතුරෙන් ආපදාවට පත් පිරිස් මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරමින් සිටියි.
අවශ්‍යතාව මත ස්ථානගත කිරීම සඳහා නාවික හමුදා අමතර සහන කණ්ඩායම් තවදුරටත් සූදානමින් තබා ඇති බව නාවික හමුදාව පවසයි.
රක්ෂණ ශ්‍රියන්ත