Home » කළුතර හෙල්ලූ සොර කල්ලිය පොලිස් දැලේ

කළුතර හෙල්ලූ සොර කල්ලිය පොලිස් දැලේ

by sachintha
December 2, 2024 1:47 am 0 comment

තියුණු ආයුධ රැගෙන පුද්ගල බිය වැද්දීම් සහ අපරාධ සිදු කළ සැකකරුවන් පස්දෙනකු තියුණු ආයුධ සමඟ අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර කිතුලාව සහ ඩයස් පෙදෙසේ පදිංචි පුද්ගලයන් පිරිසකි.

කළුතර නගරය හා අවට ප්‍රදේශ රැසකම දැනට මාසයකට පමණ පෙර සිට තියුණු ආයුධවලින් පුද්ගලයන් බිය වැද්දීම් මෙන්ම සොරකම් කිරීම් කිහිපයක් වාර්තා වී තිබූ බැවින් විශේෂ කාර්ය බළකාය ඊයේ (01) අලුයම් කාලයේ සිදු කළ මෙහෙයුම්වලදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

කළුතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගයාන් ක්‍රිෂාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.

පොතුපිටිය – සුමිත් ප්‍රේමතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT