Saturday, April 19, 2025
Home » එජාපයත් සජබයත් එකතුවුවොත් ඉදිරි මැතිවරණ ජය වළක්වන්න බැහැ

එජාපයත් සජබයත් එකතුවුවොත් ඉදිරි මැතිවරණ ජය වළක්වන්න බැහැ

-එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන

by sachintha
December 2, 2024 1:40 am 0 comment

දැනට වෙන්වෙන් වශයෙන් මැතිවරණවලට තරග කරන එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතු විය යුතු බවත්, එසේ වුවහොත් ඉදිරි මැතිවරණවලදී අපගේ ජයග්‍රහණය වළක්වන්නට කිසිම බලවේගයකට හැකි නොවන බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ මහමැතිවරණයේදී තමාට සහාය දුන් ගම්පහ දිස්ත්‍රික්කයේ පක්ෂ ක්‍රියාකාරීන්ට ස්තූතිය පුද කිරීමට පෙරේදා (30) සියඹලාපේවත්ත, ටැමරින් උත්සව ශාලාවේ පැවති සුහද හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීවේය.

“මේ පක්ෂ දෙකේ එකමුතුකමක් දකින්නට එම පක්ෂ දෙකේම මන්ත්‍රීවරුන් පවා ආසාවෙන් සිටිනවා. මේ සම්බන්ධව ඇතැම් මන්ත්‍රීවරුන් අප සමඟ කතා කරනවා. අද ඔවුන්ටත් අවශ්‍ය වී තිබෙන්නේ එම පක්ෂ දෙක එකමුතු කරන්න. මීට සජබ නායකයාගෙන් ද යහපත් ප්‍රතිචාරයක් ලැබෙමින් පවතිනවා. ඒ සඳහා සාකච්ඡා කළ යුතු කාලය දැන් එළැඹී තිබෙනවා. එය අපි ප්‍රමාද නොකොට සිදු කළ යුතුයි. මේ පක්ෂ දෙකේම සිටින්නේ එක්සත් ජාතික පාක්ෂිකයන්. අපි දෙකට බෙදී තිබෙනතාක් කල් අපට ඉදිරියට යන්න බෑ. මැතිවරණවලින් ජයග්‍රහණය කරන්න බෑ. මේ බව දැන්වත් අපි වටහාගත යුතුයි. එම පක්ෂ දෙක එකමුතු වුවහොත් අපගේ ජයග්‍රහණය වළක්වන්න කිසිම බලවේගයට හැකි වන්නේ නෑ. එම පක්ෂ දෙකේ එකමුතුකම දකින්න එම පාක්ෂිකයන් ද දැඩි උනන්දුවක් දක්වනවා.”

මල්වාන සමූහ – මහානාම විතානගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT