අමෙරිකාවේ මධ්‍යම විමර්ශන කාර්යාංශයේ අධ්යක්ෂධුරයට (එෆ්.බී.අයි.) ඉන්දීය සම්භවයක් සහිත කාෂ් ප්‍රමෝද් පටේල් පත් කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස ලබන ජනවාරියේ 20 වැනිදා දිවුරුම් දීමට නියමිත ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මේ දිනවල ආරක්ෂක ක්ෂේත්රය ඇතුළු රජයේ සියලු තනතුරුවලට පුද්ගලයන් නම් කරමින් සිටින අතර, කාෂ් පටේල් එෆ්.බී.අයි. ප්‍රධානියා ලෙස නම් කර ඇත්තේ ඒ අනුව බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. කාෂ් පටේල් පත්වීමට නියමිතව ඇත්තේ මේ වනවිට එෆ්.බී.අයි. ප්‍රධානියා ලෙස කටයුතු කරන ක්‍රිස්ටෝපර් ඒ. රේ වෙනුවටය.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු ධුරකාලයේදී අමෙරිකානු ආරක්ෂක කවුන්සිලයේ නිලධාරියකු ලෙසත්, ජාතික බුද්ධි සේවයේ වැඩබලන අධ්යක්ෂවරයා ලෙසත් කටයුතු කර ඇති 44 හැවිරිදි පටේල් ජනාධිපතිවරයාගේ සමීපතම ආධාරකරුවකු බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ක්‍රිස්ටෝපර් වසර 2017 සිට එම ධුරයේ කටයුතු කරන අතර, ඔහු පත්කරනු ලැබුවේ ද ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.