Home » සිරියාවේ හමුදාවට එරෙහිව දරුණු සටනකින් පසු ඇලෙප්පෝ නුවර කැරලිකාර කණ්ඩායමක් අතට

සිරියාවේ හමුදාවට එරෙහිව දරුණු සටනකින් පසු ඇලෙප්පෝ නුවර කැරලිකාර කණ්ඩායමක් අතට

-නගරය නිදහස් කරගැනීමට රුසියාවෙන් සහාය

by sachintha
December 2, 2024 1:19 am 0 comment

වසර ගණනාවකට පසු පළමුවරට කැරැලිකාර කණ්ඩායමක් සිරියාවේ වයඹදිගින් පිහිටි ඇලෙප්පෝ නගරය අත්පත් කරගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

රජයේ හමුදාවට විස්මිත ප්‍රහාරයක් එල්ල කරමින් එම පළාත අත්පත් කරගනු ලැබුවේ හයාට් ටහ්රීර් අල් ෂාම් නමැති කැරලිකාර කණ්ඩායමක් බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

පසුගිය දින කිහිපය පුරා එම කණ්ඩායම සමඟ පැවැති දරුණු සටන්වලින් පසුව රජයේ හමුදාව පසුබැස ගොස් ඇතැයි ද, සිරියානු රජයට සහාය දීමට ඉදිරිපත් වී සිටින රුසියාව කැරලිකාර කණ්ඩායම පලවා හැරීමට ගුවන් ප්‍රහාර මාලාවක් ආරම්භ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

කැරලිකාර කණ්ඩායම සමඟ ඇතිවූ දරුණු සටන්වලින් රජයේ හමුදා සෙබළුන් විශාල සංඛ්‍යාවක් මියගොස් හෝ තුවාල ලබා ඇති බවත්, ඇලෙප්පෝ නගරය නැවත අත්පත් කරගැනීමට සිරියානු රජය සිය හමුදාව යළි සංවිධානගත කරමින් සිටින බවත් වාර්තා වේ. රුසියාවේ සහ ඉරානයේ සහාය ලබමින් පසුගිය වසර අටක කාලයක් එම පළාතේ පූර්ණ පාලනය සිරියානු හමුදාව සතුකරගෙන සිටි බව ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT